YouVersion Logo
Search Icon

ගලාති 6:3-7

ගලාති 6:3-7 SCV

කමකට නැති කෙනෙක් තමා වැදගතෙකැයි සිතයි නම්, ඔහු තමා රවටා ගනී. හැම කෙනකු ම, තම ක්‍රියා කලාපය තමන් ම තක්සේරු කර ගනිත්වා; එවිට තමා ම පාරට්ටු කර ගැනීමේ හේතුව තමන් තුළ ම ය; තම අසල්වැසියා තුළ නො වේ. මන්ද හැම කෙනකු ම තම තමාගේ බර ඉසිලිය යුතු ව ඇත. වචනය ඉගෙන ගන්නා, තමනට ඇති හැම හොඳ දෙයක් ම තමාට උගන්වන්නා සමඟ බෙදා ගත යුතු ය. නො රැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම් කරන්නට කිසිවකුට නුපුළුවන. කෙනකු කපා ගන්නේ, ඔහු ම වපුරන දෙයිනි.