ගලාති 5:22-25
ගලාති 5:22-25 SCV
එහෙත් ආත්මයාණන්වහන්සේගේ පල නම්, ප්‍රේමය, ප්‍රීතිය හා සාමය, ඉවසීම, කරුණාව හා සද්භාවය, විශ්වාසවන්තකම, මෘදුකම හා ආත්ම දමනයයි. මේවාට එරෙහි නීතියක් නැත. ක්‍රිස්තුස් යේසුස්වහන්සේට අයිති වූවෝ, තම මාංසය, එහි තෘෂ්ණා හා ආශා සමඟින් කුරුසියේ තබා ඇණ ගැසූහ. අප ජීවත් වන්නේ ආත්මයාණන්ගෙන් නම්, ආත්මයාණන්ගෙන් ම හැසිරෙමු.










