YouVersion Logo
Search Icon

ගලාති 3:21-24

ගලාති 3:21-24 SCV

එසේ නම් ව්‍යවස්ථාව දෙවියන්වහන්සේගේ පොරොන්දු හා ප්‍රති විරෝධී ද? සත්තකින් ම නැත! මන්ද ජීවනය ගෙන දිය හැකි නීතියක් දී තිබුණි නම්, ඇත්තෙන් ම ධර්මිෂ්ඨකම ව්‍යවස්ථාව මගින් ආ හැකි ව තිබිණි. එහෙත් පොරොන්දුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම මගින් අදහාගන්නන්ට දෙනු ලබන පිණිස, ලියවිල්ල හැම දෙයක් ම පාපය යටතේ සිරකර තැබී ය. ඇදහිල්ල ඒමට පෙර, ඒ ඇදහිල්ල එළිදරවු කරන තෙක්, අපි ව්‍යවස්ථාව යටතේ අල්ලා ගනු ලැබ, සිරගත කරනු ලැබ සිටියෙමු. මෙසේ ඇදහිල්ල මගින් අප නිර්දෝෂ කරනු ලබන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ වෙත අපට මග පෙන්වන භාරකරුවා වූයේ ව්‍යවස්ථාවයි.

Free Reading Plans and Devotionals related to ගලාති 3:21-24