YouVersion Logo
Search Icon

එස්රා 5:1-2

එස්රා 5:1-2 SCV

එකල දිවැසිවරුන් වූ හග්ගයි හා ඉද්දෝගේ පුත්‍ර සෙකරියා, යූදාහි හා යෙරුසලමෙහි යුදෙව්වරුන්ට, ඔවුන්ට ඉහළින් වැඩ විසූ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ නාමයෙන් දිවැස් වැකි පැවසූහ. එවිට ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් හා යෝසාදාක්ගේ පුත් යේෂුවා නැගිට, යෙරුසලමේ දෙවියන්වහන්සේගේ ගෘහය යළි ඉදිකිරීමේ වැඩ ඇරඹූහ. දෙවියන්වහන්සේගේ දිවැසිවරු ඔවුන්ට උපකාර කරමින්, ඔවුන් සමඟ වූහ.