එසකියෙල් 8:6-10
එසකියෙල් 8:6-10 SCV
එතුමෝ මා අමතමින්, “මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කරන දේ ඔබට පෙනෙනවා ද? මගේ ශුද්ධස්ථානය වෙතින් ඈතට මා පලවා හැරෙන අතිශය පිළිකුල්කම් ඉශ්‍රායෙල් වංශය මෙහිදී කරන හැටි පෙනේ ද! ඇරත්, මීටත් වඩා බොහෝ පිළිකුල් දෑ ඔබට දකිනු හැකි වෙතැ” යි පැවසූහ. ඉන්පසු එතුමාණෝ මළුවේ පිවිසුමට මා ගෙන ආහ. මම බැලුවෙමි. එවිට මෙන්න! බිත්තියේ සිදුරක්! එතුමාණෝ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, බිත්තිය හාරන්නැ” යි පැවසූහ. එබැවින් මම බිත්තිය හෑරුවෙමි. එවිට මෙන්න දොරකඩක්! එතුමාණෝ මා අමතමින්, “ඇතුළට ගොස්, ඔවුන් මෙහිදී කරන අධම පිළිකුල්කම් බලන්නැ” යි පැවසූහ. එබැවින් මම ඇතුළට ගොස්, බැලුවෙමි. එවිට මෙන්න බිත්ති මුළුල්ලේ ම චිත්‍ර! සියලු වර්ගවල උරගයින් හා අපවිත්‍ර සතුන්ගෙන් ද ඉශ්‍රායෙල් වංශයේ සියලු දේව පිළිමවල ද චිත්‍ර.


