එසකියෙල් 48
48
දේශය බෙදීම
1“ගෝත්‍ර වංශවල නාම මේවා ය:
“ඈත උතුරු සීමාවෙහි දාන් ගෝත්‍රයට එක් කොටසක් ලැබේ. ලෙබෝ-හමාත් දක්වා හෙත්ලොන් මාවත එහි මායිම ය. හසර්-ඒනාන් හා හමාත්ට යාබද දමස්කයේ උතුරු මායිම, නැගෙනහිර සිට බටහිර දෙසට වූ එහි මායිමේ කොටසකි.
2ආෂෙර්ට එක් කොටසක් ලැබේ. එය නැගෙනහිර සිට බටහිර දෙසට දාන්ගේ පළාතට මායිම් වේ.
3නෆ්තලීට එක් කොටසක් ලැබේ. එය නැගෙනහිර සිට බටහිර දක්වා ආෂෙර්ගේ පළාතට මායිම් වේ.
4මනස්සේට එක් කොටසක් ලැබේ. එය නැගෙනහිර සිට බටහිර දක්වා නෆ්තලීගේ පළාතට මායිම් වේ.
5එප්‍රායිම්ට එක් කොටසක් ලැබේ. එය නැගෙනහිර සිට බටහිර දක්වා මනස්සේ පළාතට මායිම් වේ.
6රූබෙන්ට එක් කොටසක් ලැබේ. එය නැගෙනහිර සිට බටහිර දක්වා එප්‍රායිම්ගේ පළාතට මායිම් වේ.
7යූදාට එක් කොටසක් ලැබේ. එය නැගෙනහිර සිට බටහිර දක්වා රූබෙන්ගේ පළාතට මායිම් වේ.
8“විශේෂ ත්‍යාගයක් කොට ඔබ විසින් පිළිගැන්විය යුතු කොටස වන්නේ යූදා පළාතේ නැගෙනහිර සිට බටහිර දක්වා මායිම් වන බිම් කොටස ය. එය රියන් විසිපන්දහසක් පළලින් යුතු වේ. දිගින් එය නැගෙනහිර සිට බටහිර දක්වා ගෝත්‍ර වංශික උරුම කොටසකට සමාන වෙයි. ශුද්ධස්ථානය එහි මැද වනු ඇත.
9“ස්වාමින්වහන්සේට ඔබ පිළිගැන්විය යුතු විශේෂ කොටස, රියන් විසිපන්දහසක් දිගින් ද රියන් දස දහසක්#48:9 කිලෝමීටර් 5.3ක් පමණ. පළලින් ද යුතු වන්නේ ය. 10පූජකයින් සඳහා ශුද්ධ කොටස වන්නේ මෙයයි. එය උතුරු දෙසින් රියන් විසිපන්දහසක් දිගින් ද බටහිර දෙසින් රියන් දස දහසක් පළලින් ද නැගෙනහිර දෙසින් රියන් දස දහසක් පළලින් ද දකුණු දෙසින් රියන් විසිපන්දහසක් දිගින් ද යුතු වේ. එහි මැද ස්වාමින්වහන්සේගේ ශුද්ධස්ථානය වන්නේ ය. 11එය සාදෝක් පුත්‍රයින් වූ කැප කරනු ලැබූ පූජකයින්ට ය. ඉශ්‍රායෙල්වරුන් මුළාව ගිය කල, සෙසු ලෙවීයයන් සමඟ මුළාව නො ගිය ඔවුහු මට මෙහෙ කිරීමෙහි විශ්වාසී වූහ. 12එය දේශයේ ශුද්ධ බිම් කොටසින් විශේෂ ත්‍යාගය වනු ඇත. ලෙවීවරුන්ගේ පළාතට මායිම් වූ අතිශුද්ධ කොටසක් වන්නේ ය.
13“පූජකයින්ගේ පෙදෙසට යාව, රියන් විසිපන්දහසක් දිග, රියන් දස දහසක් පළල බිම් කොටසක් ලෙවීයයන්ට වෙන් කෙරේ. එහි මුළු දිග රියන් විසිපන්දහසක් හා පළල දස දහසක් විය යුතු ය. 14ඔවුන් ඉන් කොටසක් හෝ නො විකිණිය යුතු ය. හුවමාරු නො කළ යුතු ය. දේශයේ හොඳ ම බිම් කොටස වන මෙය අන් අයට නො පැවරිය යුතු ය. එය ස්වාමින්වහන්සේට ශුද්ධ ය.
15“රියන් පන්දහසක්#48:15 කිලෝමීටර් 2.7ක් පමණ. පළලින් හා රියන් විසිපන්දහසක් දිගින් යුත් ඉතිරි බිම් කොටස, නිවාස හා තණ බිම් වැනි පුරයේ පොදු කටයුතු සඳහා ය. පුරවරය එහි මැද වන්නේ ය. 16එහි බිම් ප්‍රමාණය උතුරු දෙසින් රියන් හාරදහස් පන්සියයකි#48:16 කිලෝමීටර් 2.4ක් පමණ.. දකුණු දෙසින් රියන් හාරදහස් පන්සියයකි. නැගෙනහිරින් රියන් හාරදහස් පන්සියයකි. බටහිරින් රියන් හාරදහස් පන්සියයකි. 17පුරවරයේ තණ බිම් සඳහා උතුරු දෙසින් රියන් දෙසියපනහක්#48:17 මීටර් 135ක් පමණ. ද දකුණු දෙසින් රියන් දෙසියපනහක් ද නැගෙනහිරින් රියන් දෙසියපනහක් ද බටහිරින් රියන් දෙසියපනහක් ද වෙයි. 18ශුද්ධ බිම් කොටසට මායිම් ව, නැගෙනහිර දෙසට රියන් දස දහසක් ද බටහිර දෙසට රියන් දස දහසක් ද වශයෙන් ඉතිරි බිම් කොටස වන්නේ ය. එහි පලදාව පුරවරයේ කම්කරුවන්ට ආහාර පිණිස ය. 19ඉශ්‍රායෙල් සියලු ගෝත්‍ර වංශවලින් පැමිණෙන පුරවර කම්කරුවෝ එය වගා කරති. 20ඔබ විසින් වෙන් කළ යුතු මුළු බිම් ප්‍රමාණය එක් පැත්තක් රියන් විසිපන්දහසක් බැගින් වන සමචතුරස්‍රයකි. ඊට පුරවරයේ ඉඩ කඩම් හා ශුද්ධ පෙදෙස ද අයත් ය.
21“එම ශුද්ධ කොටසටත්, පුරවරයේ බිම් කොටසටත් දෙපසින් වූ ඉතිරිය, අධිපතියාට හිමි වන්නේ ය. එය ශුද්ධ බිම් කොටසෙහි රියන් විසිපන්දහසේ සිට නැගෙනහිර දෙසට නැගෙනහිර මායිම දක්වා ද රියන් විසිපන්දහසේ සිට බටහිර දෙසට බටහිර මායිම දක්වා ද විහිදේ. ගෝත්‍ර වංශික උරුම කොටස්වලට සමාන්තර මෙම දෙපෙදෙස ම, අධිපතියාට හිමි වන්නේ ය. ගෘහ ශුද්ධස්ථානය සහිත ශුද්ධ කොටස එහි මැද පිහිටයි. 22මෙසේ ලෙවීවරුන්ගේ බිම් කොටස් හා පුරවරයේ බිම් කොටස, අධිපතියාට අයත් බිම් පෙදෙස මධ්‍යයේ පිහිටයි. අධිපතියාට අයත් බිම් පෙදෙස, යූදාගේ මායිම හා බෙන්යමින්ගේ මායිම අතරේ පිහිටයි.
23“සෙසු ගෝත්‍ර වංශ කොටස් මෙසේ ය:
“බෙන්යමින්ට එක් කොටසක් ලැබේ. එය නැගෙනහිර දෙස සිට බටහිර දෙසට විහිදේ.
24සිමියොන්ට එක් කොටසක් ලැබේ. එය නැගෙනහිර සිට බටහිරට බෙන්යමින්ගේ පළාතට මායිම් වේ.
25ඉස්සාකර්ට එක් කොටසක් ලැබේ. එය නැගෙනහිර සිට බටහිරට සිමියොන්ගේ පළාතට මායිම් වේ.
26සාබුලොන්ට එක් කොටසක් ලැබේ. එය නැගෙනහිර සිට බටහිරට ඉස්සාකර්ගේ පළාතට මායිම් වේ.
27ගාද්ට එක කොටසක් ලැබේ. එය නැගෙනහිර පටන් බටහිරට සාබුලොන්ගේ පළාතට මායිම් වේ.
28ගාද්ගේ දකුණු දෙස මායිම තාමාර් හි සිට මෙරීබා-කාදෙෂ් ජලය දක්වාත්, එතැන් සිට ඊජිප්තු වගුර දිගේ මධ්‍යධරණී මුහුද දක්වාත් දිවේ.
29“ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශවලට උරුම කොට ඔබ විසින් බෙදා වෙන් කර දිය යුතු දේශය එසේ වෙයි. මේවා ඔවුන්ගේ උරුම කොටස් වන්නේ යැ” යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
පුරවර දොරටු
30පුරවරයේ පිටවීම් මෙසේ ය:
පළමු කොට උතුරු දෙසින් රියන් හාරදහස් පන්සියයක දිග ප්‍රමාණයකි. 31පුරවර දොරටු, ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ අනුව නම් කෙරේ. උතුරු දෙස ඇති දොරටු තුන රූබෙන් දොරටුව, යූදා දොරටුව හා ලෙවී දොරටුව නම් වෙයි.
32නැගෙනහිර දෙස රියන් හාරදහස් පන්සියයක් දිගින් දොරටු තුනක් වෙයි. ඒවා යෝසෙප් දොරටුව, බෙන්යමින් දොරටුව හා දාන් දොරටුව නම් වෙයි.
33රියන් හාරදහස් පන්සියයක දිගින් දකුණු දෙස දොරටු තුනක් වෙයි. ඒවා සිමියොන් දොරටුව, ඉස්සාකර් දොරටුව හා සාබුලොන් දොරටුව නම් වේ.
34රියන් හාරදහස් පන්සියයක දිගින් යුතු බටහිර පැත්තේ දොරටු තුනක් වෙයි. ඒවා, ගාද් දොරටුව, ආෂෙර් දොරටුව හා නෆ්තලී දොරටුව නම් වෙයි.
35මෙසේ මුළු වට ප්‍රමාණය රියන් දහඅට දහසකි#48:35 කිලෝමීටර් 9.5ක් පමණ..
“එතැන් පටන් පුරවරයේ නාමය යෙහෝවා-ෂාම්මා#48:35 යෙහෝවා-ෂාම්මා හෙවත් යහ්වේ-ෂාම්මා එනම් ස්වාමින්වහන්සේ එහි ය. වන්නේ ය.”
Currently Selected:
එසකියෙල් 48: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: