එසකියෙල් 37:7-10
එසකියෙල් 37:7-10 SCV
එබැවින් අණ ලද පරිදි මම දිවැසි වැකි පැවසීමි. මා දිවැසි වැකි පවසන අතරේ ශබ්දයක් ද සට සට රාවයක් ද විය. ඇටයක් ඇටයකට යන වශයෙන් ඒ ඇටකටු එක් වන්නට විය. මා බැලූ කල, මෙන්න! ඒවා පිට නහර හට ගැන්වී, මාංසය මතු වී, ඒවා සමින් වැසී ගියේ ය. එහෙත් ඒවා තුළ හුස්ම නො වී ය. එවිට උන්වහන්සේ මා අමතමින්, “දිවැසි වැකි පවසන්න. මනුෂ්‍ය පුත්‍රය, හුස්මට දිවැසි වැකි පවසමින්, ඊට මෙසේ කියන්න. ‘එම්බා ජීවන හුස්ම, සතර සුළං වෙතින් පැමිණ සිටින, මැරුම් කනු ලැබ සිටින මොවුන් යළි ජීවත් වන පිණිස, මොවුන් තුළට හුස්ම හෙළනු! යි’ පරමාධිපති ස්වාමින්වහන්සේ පවසන සේක කියා කියන්නැ” යි පැවසූ සේක. එබැවින් උන්වහන්සේ මට අණ කළ පරිදි මම දිවැසි වැකි පැවසීමි. එවිට ජීවන හුස්ම ඔවුන් තුළට වන්නේ ය. ඔවුහු යළි ජීවනයට පැමිණ, තම දෙපයින් සිටගත්තාහු, අති මහත් සේනාවක් වූහ.





