YouVersion Logo
Search Icon

එසකියෙල් 37:4-8

එසකියෙල් 37:4-8 SCV

එවිට උන්වහන්සේ මට කතා කොට, “මේ ඇටකටුවලට දිවැසි වැකි පවසමින්, ඒවාට මෙසේ කියන්න: ‘එම්බා වියළි ඇටකටු, ස්වාමින්වහන්සේගේ වචනය අසනු! මේ ඇටකටුවලට පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මම නුඹලා තුළට හුස්ම පිඹින්නෙමි. එවිට නුඹලා ජීවත් වනු ඇත. මම නුඹලා පිට නහර තබා, මාංසය හටගන්වා, නුඹලා සමින් වසන්නෙමි. මම නුඹලා තුළට හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවනයට එනු ඇත. ස්වාමින්වහන්සේ මා වග එවිට නුඹලා දැනගනු ඇතැ’ යි” පැවසූහ. එබැවින් අණ ලද පරිදි මම දිවැසි වැකි පැවසීමි. මා දිවැසි වැකි පවසන අතරේ ශබ්දයක් ද සට සට රාවයක් ද විය. ඇටයක් ඇටයකට යන වශයෙන් ඒ ඇටකටු එක් වන්නට විය. මා බැලූ කල, මෙන්න! ඒවා පිට නහර හට ගැන්වී, මාංසය මතු වී, ඒවා සමින් වැසී ගියේ ය. එහෙත් ඒවා තුළ හුස්ම නො වී ය.

Verse Image for එසකියෙල් 37:4-8

එසකියෙල් 37:4-8 - එවිට උන්වහන්සේ මට කතා කොට, “මේ ඇටකටුවලට දිවැසි වැකි පවසමින්, ඒවාට මෙසේ කියන්න: ‘එම්බා වියළි ඇටකටු, ස්වාමින්වහන්සේගේ වචනය අසනු! මේ ඇටකටුවලට පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මම නුඹලා තුළට හුස්ම පිඹින්නෙමි. එවිට නුඹලා ජීවත් වනු ඇත. මම නුඹලා පිට නහර තබා, මාංසය හටගන්වා, නුඹලා සමින් වසන්නෙමි. මම නුඹලා තුළට හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවනයට එනු ඇත. ස්වාමින්වහන්සේ මා වග එවිට නුඹලා දැනගනු ඇතැ’ යි” පැවසූහ.
එබැවින් අණ ලද පරිදි මම දිවැසි වැකි පැවසීමි. මා දිවැසි වැකි පවසන අතරේ ශබ්දයක් ද සට සට රාවයක් ද විය. ඇටයක් ඇටයකට යන වශයෙන් ඒ ඇටකටු එක් වන්නට විය. මා බැලූ කල, මෙන්න! ඒවා පිට නහර හට ගැන්වී, මාංසය මතු වී, ඒවා සමින් වැසී ගියේ ය. එහෙත් ඒවා තුළ හුස්ම නො වී ය.

Free Reading Plans and Devotionals related to එසකියෙල් 37:4-8