YouVersion Logo
Search Icon

එසකියෙල් 37:23-28

එසකියෙල් 37:23-28 SCV

තමන්ගේ දේව පිළිමවලින් හා ඔවුන්ගේ පිළිකුල්කම්වලින් හෝ අන් කවර පාපයකින් හෝ තවදුරටත් ඔවුන් අපවිත්‍ර වන්නේ නැත. මන්ද ඔවුන්ගේ පාපී සියලු පසුබටවීම්වලින් මම ඔවුන් ගලවන්නෙමි. මම ඔවුන් පවිත්‍ර කරන්නෙමි. ඔවුහු මගේ ජනතාව වන්නේ ය. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. “ ‘මගේ සේවක දාවිත් ඔවුන්ගේ රජු වන්නේ ය. මෙසේ ඔවුන් සියල්ලන්ට එක් එඬේරකු වන්නේ ය. ඔවුන් මගේ නියමයන් පිළිපදිමින්, මගේ නියෝග රක්ෂා කරන්නට වග බලා ගනු ඇත. මගේ සේවක යාකොබ්ට මා දුන් දේශය වන ඔබගේ පියවරුන් විසූ දේශයෙහි ඔවුන් වාසය කරනු ඇත. ඔවුන් ද ඔවුන්ගේ දරුවන් ද ඔවුන්ගේ දරුවන්ගේ දරුවන් ද සදහට ම එහි වාසය කරනු ඇත. මගේ සේවක දාවිත් සදහට ම ඔවුන්ගේ අධිපතියා වන්නේ ය. මම ඔවුන් සමඟ සාම ගිවිසුමක් කරන්නෙමි. එය සදාතන ගිවිසුමක් වන්නේ ය. මම ඔවුන් ස්ථාපන කර, ගණනින් ඔවුන් වර්ධන කරන්නෙමි. මම ඔවුන් අතරෙහි මගේ ශුද්ධස්ථානය සදාතනික ව පිහිටු වන්නෙමි. මගේ වාසස්ථානය ද ඔවුන් සමඟ වන්නේ ය. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔවුහු මගේ ජනයා වන්නෝ ය. මගේ ශුද්ධස්ථානය, සදහට ම ඔවුන් අතරෙහි වන කල, ඉශ්‍රායෙල් ශුද්ධවත් කරන ස්වාමින්වහන්සේ මා වග ජාතීන් දැනගන්නවා ඇතැ’ ” යි පැවසූහ.

Free Reading Plans and Devotionals related to එසකියෙල් 37:23-28