එසකියෙල් 36:33-35
එසකියෙල් 36:33-35 SCV
“ ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: නුඹලාගේ සියලු පාපවලින් මා නුඹලා පවිත්‍ර කරන දවසේ නුඹලාගේ නගර, යළි ජනාවාස කරන්නෙමි. නටබුන් තැන් යළි ගොඩ නගනු ලැබේ. මග යන එන්නන් ඉදිරියෙහි පාළුවට ගොස් තිබූ පාළු වී ගිය බිම් අස්වද්දනු ලැබේ. එවිට ඔවුන් අදහස් දක්වමින්, “පාළු මුඩු බිමක් ව තිබූ මේ දේශය, ඒදන් උයන බඳු වී තිබේ. ජරාවාස ව, පාළුවට හැර, විනාශ වී තිබූ පුරවර දැන් ජනාවාස ව ආරක්ෂිත ව ඇතැ” යි කියනු ඇත.





