YouVersion Logo
Search Icon

එසකියෙල් 28:11-17

එසකියෙල් 28:11-17 SCV

ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ, “මනුෂ්‍ය පුත්‍රය, තීර්හි රජු ගැන විලාප ගීයක් නගමින්, ඔහුට මෙසේ පවසන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ ‘ප්‍රඥාවෙන් පූර්ණ ව, අලංකාරයෙන් පරිපූර්ණ වූ නුඹ සම්පූර්ණත්වයේ මුද්‍රාව වූයේ ය. නුඹ දෙවියන්වහන්සේගේ උද්‍යානය වූ ඒදන්හි සිටියේ ය. සියලු ආකාර අගනා මැණික්වලින් ඔබ සැරසී සිටියේ ය: ලෝහිතංක, පුෂ්පරාග, මරකත, රන්කාන්ති, ගෝමේද, සූර්යකාන්ති, ඉඳුනිල්, නීලමාණික්‍ය හා වෛදූර්ය ය. ඔබේ මැණික් රඳවන හා බඳන රත්තරනින් සැදුම් ලදී. ඒවා පිළියෙල කරන ලද්දේ නුඹ මවනු ලැබූ දවසේ ය. නුඹ භාරකාර කෙරුබයකු ලෙස අභිෂේක ලද්දෙහි ය. මම එලෙසින් නුඹ පත් කළෙමි. නුඹ සිටියේ දෙවියන්වහන්සේගේ ශුද්ධ කන්ද මත ය. නුඹ ගිනි ඇවිළෙන ගල් මධ්‍යයෙහි ඇවිද්දේ ය. දුෂ්ටකම නුඹ තුළෙහි හමුවන තෙක්, නුඹ මවනු ලැබූ දවසේ පටන් නුඹේ මාර්ගවල නුඹ නිර්දෝෂී ව සිටියේ ය. පුළුල් ව පැතිරුණු ඔබේ වෙළඳාම තුළින් සැහැසිකමින් නුඹ පිරිණි. එසේ නුඹ පව් කළේ ය. එබැවින් මම දෙවියන්වහන්සේගේ කන්දෙන් පිළිකුලක් සේ නුඹ පන්නා දැමීමි. එම්බා භාරකාර කෙරුබ්, ගිනි ඇවිළෙන ගල් මධ්‍යයෙන් මම නුඹ පිට මං කළෙමි. නුඹේ ශෝභා අලංකාරය නිසා නුඹේ හද අහංකාර විණ. නුඹේ ශෝභාලංකාරය නිසා නුඹේ ප්‍රඥාව නුඹ දූෂ්‍ය කර ගත්තේ ය. එබැවින්, මම මහ පොළොවට නුඹ හෙළා දැමීමි. රජුන් ඉදිරියෙහි නුඹ ප්‍රදර්ශන කරවීමි.