එසකියෙල් 27
27
තීර් ගැන විලාපයක්
1 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: 2“මනුෂ්‍ය පුත්‍රය, තීර් ගැන විලාපයක් නගන්න. 3මුහුදු දොරකඩ වාසය කරන, බොහෝ මුහුදුබඩ පෙදෙස් වාසීන්ගේ වෙළෙන්දා වූ තීර්ට මෙසේ කියන්න. ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“ ‘එම්බා තීර්, නුඹ පවසන්නේ,
“අලංකාරයෙන් මම පරිපූර්ණ ව සිටිමි” කියා ය.
4ඔබගේ බල සීමාව වූයේ මහ මුහුද ය.
ඔබේ තැනුම්කරුවෝ, ඔබේ අලංකාරය පරිපූර්ණත්වයට ගෙන ආහ.
5ඔවුහු ඔබගේ සියලු දැව වැඩ
සෙනීර්හි සයිප්‍රස් ලීවලින් නිමැවූහ.
ඔවුහු නුඹට කුඹ ගසක් සාදන්නට
ලෙබනොන් වෙතින් දේවදාර ගසක් ගත්හ.
6ඔවුන් ඔබගේ හබල් සෑදුවේ
බාෂාන්හි ආලෝන් ලීයෙනි.
සයිප්‍රස් වෙරළදිග තෂ්ෂූර් ලීයෙන්
ඔවුන් ඔබගේ නැව් තට්ටුව සාදන ලද්දේ ඇත් දළ ඔබ්බන ලදුව ය.
7ඔබේ කොඩිය ලෙසට ගණන් ගැනුණු
ඔබේ රුවල, වැඩ දැමූ ඊජිප්තු හණ පිළියෙනි.
ඔබේ වියන්, එලීෂාහි මුහුදුබඩ පෙදෙස්හි
නිල් සහ දම් පැහැ රෙද්දෙනි.
8ඔබේ හබල්කරුවන් වූවෝ සීදොන් හා අර්වාද් වැසියෝ ය.
එම්බා තීර්, ඔබ තුළ ඔබේ නාවිකයන් ව සිටියෝ, ඔබගේ දක්ෂ මනුෂ්‍යයෝ ය.
9ගෙබාල්හි සම්මානනීය සහ නිපුණ ශිල්පීහු
නැව් බඳේ සන්ධි පිළිසකර කරමින් වුන්හ.
මුහුදේ සියලු නැව් ද ඒවායේ නැවියෝ ද
ඔබගේ වෙළඳ බඩු හුවමාරු කර ගන්නා පිණිස ඔබ ළඟට ආහ.
10“ ‘පර්සියාවේ ද ලූද්හි ද පූට්හි ද මිනිස්සු
ඔබේ හමුදාවේ සෙබළුන් වශයෙන් සේවය කළහ.
ඔවුහු ඔබ අලංකාරවත් කරමින්,
ඔවුන්ගේ පලිහ හා ආරක්ෂක තොප්පි ඔබේ පවුරු බිත්තිවල එල්ලා තැබූහ.
11අර්වාද්හි හා හේලෙක්හි මිනිස්සු
ඔබේ පවුරු උඩ වටේට ම සිටියහ.
ගම්මාද්හි මිනිස්සු
ඔබේ බළකොටු කොත් මත වූහ.
ඔවුහු තම පලිහ ඔබේ පවුරු වටා එල්ලුවෝ,
ඔබේ අලංකාරය පරිපූර්ණත්වයට පත් කළෝ ය.
12“ ‘ඔබගේ භාණ්ඩ මහා සම්භාරය නිසා තර්ෂිෂ් ඔබ සමඟ ගනුදෙනු කළේ ය. ඔබගේ වෙළඳ භාණ්ඩවලට ඔවුහු රිදී ද යකඩ ද බෙලෙක් හා ඊයම් ද හුවමාරු කර ගත්හ.
13“ ‘යාවාන්#27:13 යාවාන් එනම් ග්‍රීකයින් ද තුබල් ද මෙෂෙක් ද ඔබ හා වෙළහෙළදාම් කළහ. ඔවුහු මිනිස් වහලුන් ද ලෝකඩ භාණ්ඩ ද ඔබේ වෙළඳ බඩුවලට හුවමාරු කර ගත්හ.
14“ ‘බෙත්-තොගර්මාහි මිනිසුන් අශ්වයින් ද යුද්ධ-අශ්වයින් ද කොටළුවන් ද ඔබගේ වෙළඳ බඩුවලට හුවමාරු කර ගත්හ.
15“ ‘රෝදස්හි#27:15 රෝදස්හි ග්‍රීක් පිටපත්වලට අනුව ය; හෙබ්‍රෙව් දෙදාන් වැසියෝ ද ඔබ හා වෙළහෙළදාම් කළෝ ය. මුහුදුබඩ බොහෝ පෙදෙස් ද ඔබේ ගනුදෙනුකරුවෝ වූහ. ඔවුහු ඇත් දළ හා කළුවර ලීවලින් ඔබට ගෙවීම් කළහ.
16“ ‘බොහෝ වූ ඔබගේ නිපැයුම් නිසා, අරාම්#27:16 අරාම් ඇතැම් අත් පිටපත්වල ඒදොම් ඔබ හා ගනුදෙනු කළේ ය. ඔවුහු නිල් මැණික් ද රාජකීය රෙදි පිළි ද ගෙත්තම් වැඩ ද දුහුල් හණ පිළි ද හිරිගල් හා රතුකැට ද ඔබගේ වෙළඳ බඩුවලට හුවමාරු කර ගත්හ.
17“ ‘යූදා හා ඉශ්‍රායෙල් ද ඔබ හා ගනුදෙනු කළෝ ය. ඔවුහු මින්නීත්හි තිරිඟු හා රස කැවිලි ද මී පැණි, තෙල් හා සහනාලේප ද ඔබගේ වෙළඳ බඩුවලට හුවමාරු කර ගත්හ.
18“ ‘බොහෝ වූ ඔබගේ නිපැයුම් හා ඔබගේ භාණ්ඩ සම්භාරය නිසා, දමස්කය හෙල්බොන්හි මිදි යුෂ හා සාහර්හි ලොම්වලින් ඔබ සමඟ ගනුදෙනු කළහ. 19ඌසාල්හි වෙදාන් ද යාවාන් ද ඔබගේ වෙළඳ බඩු මිලයට ගත්හ. ඔවුහු තැළුෑ යකඩ ද කැෂියා කුරුඳු ද සුවඳ දඬු ද ඔබේ වෙළඳ බඩුවලට හුවමාරු කර ගත්හ.
20“ ‘දෙදාන්, සෑදල රෙදි ඔබ සමඟ වෙළහෙළදාම් කළේ ය.
21“ ‘අරාබිය සහ කේදාර්හි සියලු අධිපතීහු ඔබේ ගනුදෙනුකරුවන් වූහ. ඔවුහු බැටළු පැටවුන් ද බැටළුවන් ද එළුවන් ද ඔබ සමඟ වෙළහෙළදාම් කළහ.
22“ ‘ෂෙබාහි හා රාමාහි වෙළෙන්දෝ ද ඔබ සමඟ ගනුදෙනු කළහ. ඔබගේ වෙළඳ බඩුවලට ඔවුහු සකල විධ අනගිතම කුළු බඩු ද වටිනා මැණික් ගල් හා රත්රන් ද හුවමාරු කර ගත්හ.
23“ ‘හාරාන් ද කන්නේ ද එදෙන් ද ෂෙබාහි ද අෂ්ෂූර් හා කිල්මද් වෙළෙන්දෝ ද ඔබ සමඟ ගනුදෙනු කළහ. 24ඔබගේ වෙළඳ පොළෙහි ඔවුහු අලංකාර ඇඳුම් ද නිල් පැහැ රෙදි පිළි ද ගෙත්තම් වැඩ ද ලණු අඹරා තද කොට ගැට ගැසූ නා නා වර්ණිත බුමුතුරුණු ද ඔබ සමඟ වෙළහෙළදාම් කළහ.
25“ ‘ඔබගේ වෙළඳ බඩු ප්‍රවාහන කළෝ
තර්ෂිෂ්හි නෞකාවෝ ය.
මහ මුහුද මැද නුඹ
අධික වූ නැව් බඩු සම්භාරයකින් පිරී සිටියා ය.
26ඔබේ හබල්කරුවෝ
ගැඹුරු මුහුදට ඔබ ගෙන ආවෝ ය.
එහෙත් මුහුද මැදදී පෙරදිග සුළඟ
නුඹ සුන්බුන් කර දැමී ය.
27ඔබගේ ධනය ද වෙළඳ බඩු ද නැව් බඩු ද
ඔබගේ නැවියන් ද යාත්‍රිකයින් ද පිරියම්කරුවන් ද
ඔබේ වෙළඳුන් හා ඔබේ සියලු හේවායින් ද
ඔබ සමඟ නැව්වල සිටින සෙසු අය ද
ඔබේ නැව මුහුදුබත් වන දවසේ
මහ මුහුද මැද ගිලී යනු ඇත.
28ඔබේ යාත්‍රිකයන්ගේ කෑ මොර දීම් හඬට
වෙරළබඩ පෙදෙස් කම්පා වනු ඇත.
29හබල් මෙහෙය වන සියල්ලෝ
තමන්ගේ නැව් අත්හැර දමති.
නැවියන් ද යාත්‍රිකයන් ද යන සියල්ලන්
වෙරළෙහි සිටගනු ඇත.
30ඔවුන් උස් හඬ නගමින්,
ඔබ ගැන සොවින් හඬා වැටෙනු ඇත.
ඔවුන් තම හිස් මත ධූලි ඉස ගනිමින්,
අළු ගොඩේ පෙරළෙනු ඇත.
31ඔවුන් ඔබ නිසා තම හිස් බූ ගා,
ගෝණි රෙදි ඇඟ ලා ගනු ඇත.
ඔවුන් දැඩි සන්තාපයෙන් ද
උග්‍ර ශෝකයෙන් ද ඔබ ගැන වැලපෙනු ඇත.
32ඔවුන් ඔබ ගැන වැලපෙමින්, ශෝක වෙද්දී,
ඔබ ගැන විලාප ගීයක් නැගූහ.
“මුහුදින් වට වී සිට තීර් මෙන්
නිහඬ කරනු ලැබුවේ අන් කවුරු ද?”
33ඔබේ වෙළඳ බඩු මුහුදින් එපිට යැවූ කල,
ඔබ බොහෝ ජාතීන් සෑහීමට පැමිණ වී ය.
ඔබගේ මහා ධන සම්භාරයෙන් හා ඔබේ වෙළහෙළදාමෙන්,
ඔබ පොළොවේ රජුන් පොහොසත් කර ඇත.
34දැන් නුඹ ගැඹුරු ජලය තුළ
මුහුද විසින් බිඳ දමනු ලැබ සිටී.
නුඹේ නැව් බඩු හා නුඹේ මුළු කණ්ඩායම,
නුඹ සමඟින් ගිලා බැස ඇත.
35මුහුදුබඩ පෙදෙස් වාසී සියල්ලෝ
නුඹ ගැන තැති ගනිති.
ඔවුන්ගේ රජවරු භීතියෙන් වෙවුලති.
ඔවුන්ගේ මුහුණු භයින් විකෘති ව ගොසිනි.
36ජාතීන් අතරේ වෙළෙන්දෝ නුඹට සමච්චල් කරති.
නුඹ බියකරු අවසානයකට පැමිණ ඇත.
මින් මතු නුඹ නැත.’ ”
Currently Selected:
එසකියෙල් 27: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: