එසකියෙල් 16:8-14
එසකියෙල් 16:8-14 SCV
“ ‘යළි මා එතැන පසු කර යද්දී බැලූ කල, ප්‍රේම කිරීමේ නිසි වයසට ඔබ පැමිණ ඇති වග දිටිමි. එබැවින් මම මා හැඳිවත් කෙළවර ඔබ පිට අතුරා ඔබේ නිරුවත වැසීමි. මම ඔබට දිවුරා මගේ වචනය දෙමින්, ඔබ සමඟ ගිවිසුමකට එළැඹුනෙමි. මෙසේ ඔබ මට හිමි විණැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ ‘මම වතුරින් ඔබ නාවා, ඔබේ ලේ සෝදා, ඔබට තෙල් ගැල්වූවෙමි. වැඩ දැමූ ඇඳුමක් මම ඔබට අඳවා, ඔබට හම් පාවහන් දැමුවෙමි. මම ඔබට දුහුල් හණ පිළි අඳවා, අගනා ඇඳුමින් ඔබ වැසුවෙමි. ආභරණවලින් මම ඔබ සැරසුවෙමි. මම ඔබේ අත්වලට වළලු ද ඔබේ ගෙලට මාලයක් ද දැමුවෙමි. මම ඔබේ නාසයට නාසාභරණයක් ද ඔබේ කන්වල කුණ්ඩලාභරණ ද ඔබේ හිසෙහි අලංකාර ඔටුන්නක් ද දැමුවෙමි. මෙසේ ඔබ රනින් හා රිදීයෙන් සරසවන ලද්දී ය. ඔබගේ ඇඳුම් දුහුල් හණ පිළියෙන් ද අගනා රෙද්දෙන් ද වැඩ දැමූ සළුවලින් ද යුතු විණ. ඔබේ ආහාර සකස් වූයේ සිහින් පිටි, මී පැණි හා ඔලීව තෙලිනි. ඔබ රූ සිරියෙන් අගපත් ව රැජිනක් දක්වා උසස් වූවා ය. ඔබේ රූ සිරිය නිසා ඔබේ කීර්තිය ජාතීන් අතර පැතිර ගියේ ය. මන්ද මවිසින් ඔබට පිරිනමා තිබූ ශෝභාවෙන් ඔබේ රූ සිරිය අංග සම්පූර්ණ විණැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.





