එසකියෙල් 1
1
දිව්‍යම දර්ශනයක්
1තිස්වන අවුරුද්දේ සිවු වන මස පස්වැනිදා, මා, පිටුවහල් කරනු ලැබූවන් අතරේ කෙබාර් ගඟබඩ සිටියදී අහස විවර කෙරිණි. එවිට දේව දර්ශන මම දුටිමි.
2ඒ, යෙහෝයාකීන් රජු පිටුවහල් කරනු ලද පසු පස් වන අවුරුද්ද ය. මාසයේ පස්වැනිදා, 3ස්වාමින්වහන්සේගේ වචනය, කල්දිවරුන්ගේ දේශයේ කෙබාර් ගඟබඩදී බූසීගේ පුත් පූජක එසකියෙල් වෙත පැමිණියේ ය. එහිදී ස්වාමින්වහන්සේගේ හස්තය ඔහු පිට විය.
4මා බැලූ කල, මෙන්න! උතුරින් හමා එන සුළං කුණාටුවක්! එය දීප්තිමත් එළියකින් වට වූ ද විදුලි අකුණු සහිත වූ ද සුවිසල් වලාවකි. ඒ ගිනි, අභ්‍යන්තරය ඇවිළෙන ලෝහ සේ පෙනුණි. 5ජීවමාන සත්වයින් හතර දෙනෙක් බඳු වූවෝ, ඒ ගින්න මැද වූහ. ඔවුහු පෙනුමෙන් මිනිස් ස්වරූපය දැරූහ. 6එහෙත් ඔවුන් එකිනෙකාට මුහුණු හතරක් ද පියාපත් හතරක් ද බැගින් තිබිණ. 7ඔවුන්ගේ කකුල් සෘජු විය. ඔවුන්ගේ පාද වස්සකුගේ සේ කුර සහිත විය. ඒවා ඔප් නැගූ ලෝකඩ මෙන් දිළිසිණි. 8ඔවුන්ගේ හතර පැත්තේ, ඔවුන්ගේ පියාපත් යට ඔවුන්ට මිනිස් අත් තිබිණ. මෙසේ, ඒ හතර දෙනාට මුහුණු හා පියාපත් තිබිණ. 9ඔවුන් එකකුගේ පියාපත්, අනෙකාගේ පියාපත් හා ස්පර්ශ ව තිබිණ. ඔවුන් එකට ඉදිරියට ගියහ. ගමන් ගන්නා විට ඔවුන්ගේ මුහුණු නො හැරුණහ.
10ඔවුන්ගේ මුහුණුවල පෙනුම මෙබඳු ය: හැම කෙනකුට ම මිනිස් මුහුණක් තිබිණ. හතර දෙනාට දකුණු පැත්තේ සිංහයකුගේ මුහුණක් බැගින් ද හතර දෙනාට වම් පැත්තේ ගවයකුගේ මුහුණක් බැගින් ද තිබිණ. තවද, හතර දෙනාට රාජාලියකුගේ මුහුණක් බැගින් ද තිබිණ. 11ඔවුන්ගේ මුහුණු එබඳු ය. තවද ඔවුන්ගේ පියාපත් දෙකක් ඉහළට විහිදවා තිබිණ. එකකුගේ පියාපත අනෙකාගේ එකට ස්පර්ශ වූ අතර අනෙක් පියාපත් දෙකෙන් තමන්ගේ සිරුර වසා ගත්හ. 12ඔවුන් එකට ඉදිරියට ගියහ. ආත්මය යන්නට කැමති වූ කොතැනක වුව ගියහ. ගමන් ගන්නා විට ඔවුහු නො හැරුණහ. 13ජීවමාන සත්වයින්ගේ සමානත්වය අනුව පෙනුමින් ඔවුහු ඇවිළෙන ගිනි අඟුරු මෙන් ද ඇවිළෙන ගිනි පන්දම් මෙන් ද වූහ. ගින්න, ජීවමාන සත්වයන් අතර ඔබ මොබ ගියහ; එම ගින්න දීප්තිමත් විය; විදුලි අකුණු ධාරා එයින් නික්මිණ. 14ජීවමාන සත්වයෝ විදුලි අකුණු ධාරා සේ ඔබ මොබ දුව පැන්නහ.
15ජීවමාන සත්වයින් දෙස මා බලා සිටිද්දී, මෙන්න! මුහුණු හතර සහිත එක් එක් සත්වයා පසෙකින් පොළොව පිට රෝදයක් බැගින්! 16රෝදවල පෙනුම හා නිර්මිතය මේ අයුරු ය. ඒවා රන්කාන්ති මිණි සේ බැබළිණි. ඒවා හතර ම එක හා සමාන ය. ඒ හැමකක් ම රෝදයක් තුළ රෝදයක් හරහට සිටින සේ නිමවුණු සෙයක් පෙනිණ. 17සත්වයින් මුහුණ හරවා සිටියේ දිසා සතරින් කවර දිසාවකට ද, ඒ දෙසට ඒවා ගමන් කළේ ය. සත්වයින් ගමන් ගන්නා කල, රෝද වෙනතක හැරුණේ නැත. 18රෝදවල පට්ටම් උස් ව, භයංකර ව තිබිණ. ඒ පට්ටම් හතර වටා වටේට ම ඇස් පිරී තිබිණ.
19ජීවමාන සත්වයින් ගමන් ගත් කල, රෝද ද ඔවුන් පසෙකින් ගමන් ගත්තේ ය. ජීවමාන සත්වයින් පොළොවෙන් උඩට නැගුණ කල, රෝද ද උඩට නැගුණේ ය. 20ආත්මය ගිය කවර දිශාවකට වුව ඔවුහු ද ගියහ. ජීවමාන සත්වයින්ගේ ආත්මය රෝද තුළ වූ බැවින් රෝද ද ඔවුන් සමඟින් ම නැගුණේ ය. 21සත්වයින් ගමන් ගත් කල, ඒවා ද ගමන් ගති. ඔවුන් නැවතී, සිටගත් කල, ඒවා ද නිසල ව නැවතිණ. සත්වයින් භූමියෙන් උඩට නැගුණු කල, රෝද ද ඔවුන් සමඟින් උඩට නැගුණි. මන්ද ජීවමාන සත්වයින්ගේ ආත්මය තිබුණේ රෝද තුළෙහි ය.
22ජීවමාන සත්වයින්ගේ හිස්වලට ඉහළින් විහිදී පැතුරුණු භයංකර, පළිඟු සේ දිළිසෙන අවකාශයක් වැන්නක් තිබිණ. 23අවකාශයට යටින් ඔවුන්ගේ පියාපත් අනෙකාගේ දෙසට සෘජු ව විහිදවනු ලැබ තිබිණ. තමන්ගේ සිරුර ආවරණ කර ගන්නා පියාපත් දෙකක් ද ඒ එකිනෙකාට තිබිණ. 24ඔවුන් ගමන් කරන විට ඔවුන්ගේ පියාපත්වල ශබ්දය මට ඇසුණේ, ගලා හැලෙන ජල ඝෝෂාවක් මෙනි; සර්ව පරාක්‍රමයාණන්ගේ කටහඬ පරිද්දෙනි; සේනාංකයක ශබ්දය බඳු කෝලාහල ශබ්දයක් මෙනි. නැවතී සිටින විට ඔවුහු තම පියාපත් පහත හෙළූහ.
25එසේ පියාපත් පහත හෙළා ඔවුන් නැවතී සිටගත් කල, ඔවුන්ගේ හිස්වලට උඩින් වූ අවකාශයට ඉහළින් කටහඬක් ඇසුණි. 26ඔවුන්ගේ හිස්වලට උඩින් වූ අවකාශයට ඉහළින්, පෙනුමින් ඉන්ද්රනීල මාණික්‍ය සිංහාසනයක් වැන්නක් විය. ඒ සිංහාසනය වැන්නට උඩින් ඒ මත මිනිසකුගේ බඳු ස්වරූපයක් විණ. 27එතුමන්ගේ ඉඟටිය සේ පෙනුණු තැන් සිට ඉහළට පෙනුණු ස්වරූපය මුළුමනින් ම ගිනිගෙන ඇවිළෙන ලෝහයක් සේ මම දුටුවෙමි. එතුමන්ගේ ඉඟටිය සේ පෙනුණු තැන් සිට පහළට පෙනුණු ස්වරූපය ගින්දර වැන්න. දීප්තිය විහිදෙන ආලෝකයක් එතුමන් වට කොට ගත්තේ ය. 28එතුමන් වටා වූ ප්රභාවෙහි පෙනුම, වැසි දිනෙක වලාවන්හි දේදුන්නක් වැන්න. එතුමන් වටා වූ ප්රභාවෙහි පෙනුම ඒ අයුරු ය.
ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයේ ස්වභාවයේ පෙනුම ඒ අයුරු ය. මම එය දුටු විට, මුහුණ බිමට නමා වැඳ වැටුණෙමි. එකල කෙනකු කතා කරන හඬ මට ඇසුණි.
Currently Selected:
එසකියෙල් 1: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: