YouVersion Logo
Search Icon

නික්මයාම 7:8-13

නික්මයාම 7:8-13 SCV

ස්වාමින්වහන්සේ මෝසෙස් හා ආරොන් ඇමතූ සේක්, “ ‘නුඹලා උදෙසා සාක්ෂි වශයෙන් හාස්කමක් දක්වන්නැ’ යි පාරාවෝ කී කල්හි, ‘ඔබේ සැරයටිය ගෙන, පාරාවෝ ඉදිරියෙහි බිම හෙළන්නැ’ යි ආරොන්ට කියන්න. එවිට එය සර්පයකු වනු ඇතැ” යි කී සේක. එබැවින් පාරාවෝ වෙත ගිය, මෝසෙස් හා ආරොන්, ස්වාමින්වහන්සේ ඔවුන්ට අණ කර තිබූ පරිදි ම කළෝ ය. ආරොන් තමාගේ සැරයටිය පාරාවෝ ද ඔහුගේ නිලධාරීන් ද ඉදිරියේ බිම හෙළී ය. එවිට එය සර්පයකු බවට පත් විය. පාරාවෝ ද ප්‍රාඥයින් හා මන්තරකරුවන් කැඳවී ය. ඊජිප්තු ඉන්ද්‍රජාලිකයෝ තම ගුප්ත ශිල්ප මගින් ඒ දේ ම කළහ. ඔවුන් එක් එක්කෙනා තම තමාගේ සැරයටිය බිම හෙළූ කල, ඒවා සර්පයින් බවට පත් විණි. එහෙත් ආරොන්ගේ සැරයටිය ඔවුන්ගේ සැරයටි ගිල දැමී ය. එසේ වුව ද පාරාවෝගේ හදවත දැඩි විය. ස්වාමින්වහන්සේ කියා තිබූ පරිදි, ඔහු ඔවුන්ට සවන් දුන්නේ නැත.

Free Reading Plans and Devotionals related to නික්මයාම 7:8-13