නික්මයාම 6:6-9
නික්මයාම 6:6-9 SCV
“එබැවින් ඉශ්‍රායෙල්වරුන්ට කියන්න: මම ස්වාමින්වහන්සේ ය. ඊජිප්තුවරුන්ගේ බර වැඩ යටතින් මම ඔබ පිටතට ගෙනෙන්නෙමි. ඔවුන්ට වහල් ව සිටීමෙන් ඔබ නිදහස් කර, දිගු කළ බාහුවකින් හා විනිශ්චයේ බලගතු ක්‍රියා මගින් මම ඔබ මුදා ගන්නෙමි. මගේ ජනයා වශයෙන් ඔබ බාරගෙන, මම ඔබේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඊජිප්තුවරුන්ගේ බර වැඩ යටතින් ඔබ පිටතට ගෙන ආ ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා වග එවිට ඔබ දැනගනු ඇත. මගේ අත ඔසවා, ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද දෙන්නට මා දිවුළ දේශයට මම ඔබ ගෙන එන්නෙමි. මම එය උරුමයක් කොට ඔබට දෙන්නෙමි. මම ස්වාමින්වහන්සේ යැ” යි පැවසූ සේක. මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ට එය පැවසී ය. එහෙත් ඔවුන් තුළ වූ කලකිරීමත්, කුරිරු වහල් බන්ධනයත් නිසා, ඔවුන් ඔහුට සවන් දුන්නේ නැත.





