YouVersion Logo
Search Icon

නික්මයාම 6:10-13

නික්මයාම 6:10-13 SCV

එවිට ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඊජිප්තු රජ වූ පාරාවෝට කතා කොට, ඉශ්‍රායෙල් ජනයාට ඔහුගේ රටින් පිට වී යන්නට ඉඩ හරින්න කියා කියන්නැ” යි කී සේක. එහෙත් මෝසෙස් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “අහෝ! ඉශ්‍රායෙල්වරුන් පවා මට සවන් නුදුන් කොට, කතාවෙහි පැකිළෙන තොල් ඇති මට පාරාවෝ සවන් දේවි දැ?” යි කීවේ ය. ස්වාමින්වහන්සේ මෝසෙස්ටත්, ආරොන්ටත් ඉශ්‍රායෙල්වරුන් හා ඊජිප්තු රජු වූ පාරාවෝ ගැන කතා කළ සේක්, ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට ගෙන ඒමට, ඔවුන් දෙදෙනාට නියෝග කළ සේක.