නික්මයාම 6:1-4
නික්මයාම 6:1-4 SCV
එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “පාරාවෝට මා කරන දේ දැන් ඔබ දකිනු ඇත. මගේ බලගතු හස්තය හේතු කොට ඔහු ඔවුන්ට යන්නට දෙනු ඇත. මගේ බලවත් හස්තය නිසා, ඔහු තම රටින් ඔවුන් පලවා හරිනු ඇතැ” යි කී සේක. දෙවියන්වහන්සේ මෝසෙස් අමතමින්, “මම ස්වාමින්වහන්සේ ය. මම ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේ වශයෙන් ප්‍රකාශ වුණෙමි. එහෙත්, ස්වාමින්වහන්සේ යන මගේ නාමයෙන් ඔවුනට මා හඳුන්වා නො දුන්නෙමි. විදෙස්සන් සේ ඔවුන් විසූ කානාන් දේශය, ඔවුන්ට දෙන ලෙසට මම මගේ ගිවිසුම ද ඔවුන් සමඟ පිහිටෙවුවෙමි.





