YouVersion Logo
Search Icon

නික්මයාම 5:4-14

නික්මයාම 5:4-14 SCV

එහෙත් ඊජිප්තු රජු, ඔවුන් අමතමින්, “එම්බා මෝසෙස් හා ආරොන්, නුඹලා මේ ජනයා ඔවුන්ගේ වැඩවලින් ඉවතට ගන්නේ මොකද? ආපසු නුඹලාගේ බර වැඩට යනු!” යි කීවේ ය. තවද පාරාවෝ, “බලනු! දේශයේ ජනයා දැන් ඉතා අධිකයි. ඔවුන්ගේ වැඩවලින් ඔවුන් නවත්වන්නට නුඹලාත් අරඅඳිති” යි කීවේ ය. පාරාවෝ ඒ දවසේ ම ජනයාගේ වැඩ විදානේවරුන් හා මුලාදෑනීන්ට නියෝගයක් නිකුත් කරමින්, “ගඩොල් සෑදීමට ජනයාට මෙතෙක් කළ පරිදි, නුඹලා පිදුරු නො සපයනු. ඔවුන් ම ගොස්, තමන්ට පිදුරු සපයා ගත්තා වේ. එහෙත් කලින් තැනූ ගඩොල් ප්‍රමාණය ම ඔවුන්ට නියම කරනු. එය අඩු නො කළ යුතුයි. ඔවුන් අලසයි, ‘අපේ දෙවියන්වහන්සේට යාග ඔප්පු කරන්නට අපට යන්න දෙන්නැ’ යි ඔවුන් කෑ මොර දෙන්නේ එබැවිනි. ප්‍රලාප කතා නො සලකා දිගට ම වැඩෙහි යෙදෙමින් සිටින පිණිස, ඒ මිනිසුන්ගේ බර වැඩ දැඩි කරනු” යි පැවසී ය. එවිට වැඩ විදානේවරු හා මුලාදෑනීහු පිටත් ව ගොස්, ජනයාට කතා කොට, “පාරාවෝ මෙසේ කියයි: ‘තවත් මා නුඹලාට පිදුරු දෙන්නේ නැත. නුඹලා ම ගොස්, සොයාගත හැකි තැන්වලින් නුඹලා ම පිදුරු සොයා ගනු. එහෙත් නුඹලාගේ වැඩ කොහෙත් ම අඩු නො විය යුතු යැ’ යි” කී ය. එබැවින් ජනයා පිදුරු සඳහා ඉපනැලි එකතු කරමින්, ඊජිප්තුව පුරා විසිර ගියහ. තවද, “නුඹලාට පිදුරු තිබූ කල්හි මෙන් එක් එක් දවසට නියමිත වැඩ කොටස සම්පූර්ණ කරනු” යි කියමින්, වැඩ විදානේවරු ඔවුන්ට බල කළහ. පාරාවෝගේ වැඩ විදානේවරුන් විසින් පත් කරනු ලැබූ ඉශ්‍රායෙල් මුලාදෑනීහු ද පහර ලැබූහ. “කලින් පරිදි නුඹලා නියමිත ගඩොල් ගණන ඊයේ හෝ අද හෝ ලබා නො ගත්තේ මන්දැ?” යි ඔවුන්ට චෝදනා කෙරිණ.

Free Reading Plans and Devotionals related to නික්මයාම 5:4-14