YouVersion Logo
Search Icon

නික්මයාම 33:5-7

නික්මයාම 33:5-7 SCV

එසේ වූයේ, “ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, ‘නුඹලා මහ මුරණ්ඩු ජනතාවක්; එක මොහොතකට හෝ මා නුඹලා සමඟ ආවහොත්, මා අතින් නුඹලා වැනසෙනු ඇත. දැන් නුඹලාගේ ආභරණ ගලවා දමන්න. නුඹලා සම්බන්ධයෙන් කුමක් කළ යුතුදැයි මම නිශ්චය කරන්නෙමි කියා ඉශ්‍රායෙල් ජනයාට කියන්නැ’ යි” පවසා තිබූ බැවිනි. එබැවින් ඉශ්‍රායෙල් ජනයා හොරේබ් කන්දේ සිට ඉදිරියට තම ආභරණ ගලවාගෙන ගමන් කළෝ ය. මෝසෙස් කූඩාරමක් රැගෙන කඳවුරට පිටතින්, ඊට මදක් ඈතින්, එය පිහිටුවන්නට පුරුදු ව සිටියේ ය. ඔහු එය හැඳින්වූයේ, “හමුවීමේ කූඩාරම” නමිනි. ස්වාමින්වහන්සේගෙන් විචාරණ කවරෙක් වුව, කඳවුරෙන් පිටත මෙම හමුවීමේ කූඩාරම වෙත ගියේ ය.

Free Reading Plans and Devotionals related to නික්මයාම 33:5-7