YouVersion Logo
Search Icon

නික්මයාම 3:6-7

නික්මයාම 3:6-7 SCV

උන්වහන්සේ තවදුරටත්, “ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ද ඊසාක්ගේ දෙවියන්වහන්සේ ද යාකොබ්ගේ දෙවියන්වහන්සේ ද වන ඔබේ පියාගේ දෙවියන්වහන්සේ මම වෙමි” යි පැවසූ සේක. මෙවිට මෝසෙස් තම මුහුණ සඟවා ගත්තේ ය. දෙවියන්වහන්සේ දෙස බැලීමට ඔහු භය විය. එවිට ස්වාමින්වහන්සේ කතා කරමින්, “ඊජිප්තුවේදී මගේ ජනයාගේ දුක්ඛිතභාවය මම හොඳින් ම දුටිමි. තම වැඩ විදානේවරුන් නිසා ඔවුන් නගන අඳෝනාව මම ඇසීමි. ඔවුන් විඳින පීඩාව මම දනිමි.