නික්මයාම 28
28
පූජක ඇඳුම්
1“පූජකයින් ලෙස මට සේවය කරන පිණිස, ඉශ්‍රායෙල් ජනයා අතරින් ඔබගේ සහෝදර ආරොන් ද ඔහුගේ පුතුන් ද ඔබ වෙත කැඳවා ගන්න. ඒ, ආරොන් ද ඔහුගේ පුත්‍රයින් වූ නාදාබ් හා අබීහූ ද එලෙයාසර් හා ඊතාමර් ද යන අයයි. 2ගෞරවයත්, අලංකාරයත් සඳහා ඔබේ සහෝදර ආරොන්ට ශුද්ධ වස්ත්‍ර පිළියෙල කරන්න. 3ඒ සම්බන්ධ ව මා විසින් ප්‍රඥාවෙන් පූර්ණ කරන ලද නිපුණ ශිල්පීන් හැම දෙනාට කතා කොට, මගේ පූජකයා වශයෙන් මට සේවය කරන පිණිස, ආරොන් කැප කිරීමට, ඔහුට පූජක වස්ත්‍ර ඔවුන් සෑදිය යුතු වග පවසන්න. 4ඔවුන් පිළියෙල කළ යුතු පූජක වස්ත්‍ර මේවා ය: ළය වැස්මක්, ඒපොද් සැට්ටයක්, ලෝගුවක්, ගෙත්තම් කබායක්, තලප්පාවක් හා බඳ පටියකි. ඔබේ සහෝදර ආරොන් හා ඔහුගේ පුත්‍රයින් පූජක නිලයේ මට සේවය කරන පිණිස, ඔවුන් සඳහා මෙම ශිල්පීන් ශුද්ධ වස්ත්‍ර පිළියෙල කළ යුතු ය. 5ඔවුහු ඒ සඳහා රත්රන් ද නිල්, දම් හා තද රත් පැහැ නූල් ද සියුම් ව වියන ලද හණ පිළි ද යොදා ගනිත්වා.
ඒපොද් සැට්ටය
6“ඒපොද් සැට්ටය, රනින් ද නිල්, දම් හා තද රත් පැහැ නූල් ද සියුම් ව වියන ලද හණ පිළියෙන් ද කළ නිපුණ ශිල්පීය නිමැවුමක් ව සෑදිය යුතු ය. 7එය එක් කොට බැඳිය හැකි වන සේ, එහි දෙකෙළවර උර පටි දෙකක් තිබිය යුතු ය. 8සියුම් ව වියන ලද එහි බඳ පටිය, එබඳු ම නිමැවුමකි. එය ඒපොද් සැට්ටය සමඟ එක ම නිර්මාණයක් ව රනින් ද නිල්, දම් හා තද රත් පැහැ නූලෙන් ද සියුම් ව වියන ලද හණ පිළියෙන් ද සැදුම් ලබයි.
9“ගෝමේද මැණික් ගල් දෙකක් ගෙන, ඉශ්‍රායෙල්ගේ පුතුන්ගේ නාම, ඒ මත කැටයම් කරන්න. 10ඔවුන්ගේ උපත් අනු පිළිවෙළට, නම් හයක් එක් ගලක ද සෙසු නම් හය අනෙක් ගලෙහි ද යන වශයෙනි. 11මැණික්-කපන්නකු රාජ මුද්‍රාවක් කැටයම් කරන අයුරින්, මෙම මැණික් ගල් දෙකෙහි ඉශ්‍රායෙල්ගේ පුත්‍රයන්ගේ නාම, කැටයම් කරන්න. ඉන්පසු ඒවා රන් කෙඳි රඳනයක සවි කොට, 12එම මැණික් ගල් දෙක ඉශ්‍රායෙල්ගේ පුත්‍රයින් උදෙසා සිහිවටන ගල් වශයෙන්, ඒවා ඒපොද් සැට්ටයේ උර පටි පිට රැඳවිය යුතු ය. ආරොන් ඔවුන්ගේ නාම, ස්වාමින්වහන්සේ ඉදිරිපිට සැමරීමක් වශයෙන් තම උර මත දරා සිටිය යුතු ය. 13රන් කෙඳි රඳන ද 14ගෙතූ රැහැනක් බඳු රන් දමක් ද සාදා, එම රන්දම, රන් කෙඳි රඳනය හා සම්බන්ධ කරන්න.
ළය වැස්ම
15“තීන්දු දීමේ ළය වැස්ම, නිපුණ ශිල්පීය නිමැවුමක් ව නිර්මාණ කරන්න. එය ඒපොද් සැට්ටය බඳු නිමැවුමකි. එය ද, රනින් ද නිල්, දම් හා තද රත් පැහැ නූලෙන් ද සියුම් ව වියන ලද හණ පිළියෙන් ද කළ යුතු ය. 16එය හරි සතරැස් විය යුතු ය. දෙපොටක් ව තිබිය යුතු ය. දිගින් වියතකි. පළලින් ද වියතකි. 17ඉන්පසු අගනා මැණික් ගල් පේළි හතරක් ඒ මත අල්ලන්න. පළමු පෙළෙහි ලෝහිතංකයක්, පුෂ්පරාගයක් හා වෛදූර්යයක් ද 18දෙවන පෙළෙහි නිල් මැණිකක්, ඉඳුනිලක් හා මරකතයක් ද 19තෙවන පෙළෙහි පද්මරාගයක්, අගස්තියක් හා අඹතේස්තයක් ද 20සිවු වන පෙළෙහි රන්කාන්තියක්, ගෝමේදයක් හා සූර්යකාන්තියක් ද යන වශයෙන් රන් කෙඳි රඳන තුළ ඒවා රඳවන්න. 21ඉශ්‍රායෙල්ගේ පුත්‍රයන්ගේ නාමවලට අනුකූලව ගල් දොළොසක් විය යුතු ය. එක් ගලක එක බැගින් ගෝත්‍ර වංශ දොළහේ නාම, මුද්‍රාවක් සේ කැටයම් කළ යුතු ය.
22“ළය වැස්ම සඳහා අමිශ්‍ර රනින් රැහැනක් සේ ගෙතූ රන් දම් සාදන්න. 23රන් මුදු දෙකක් සාදා, ඒවා ළය වැස්මේ දෙකෙළවර සවි කරන්න. 24රන් දම් යුගල, ළය වැස්මේ දෙකෙළවර වූ රන් මුදුවල සවි කරන්න. 25රන් දම්වල අනෙක් දෙකෙළවර, රන් කෙඳි රඳනවලට යා කොට, ඒපොද් සැට්ටය ඉදිරිපස උර පටිවල සවි කරන්න. 26රන් මුදු දෙකක් සාදා, ඒවා ඒපොද් සැට්ටයට යාව, ළය වැස්මේ ඇතුළු දාරය දෙකෙළවර සවි කරන්න. 27තවත් රන් මුදු දෙකක් සාදා, ඒපොද් සැට්ටයේ බඳ පටියට මදක් ඉහළින්, මූට්ටුව ළඟින් ඒපොද් සැට්ටයේ උර පටිවල පහළ කෙළවරේ සවි කරන්න. 28ළය වැස්ම, ඒපොද් සැට්ටයෙන් බුරුල් නො වී, බඳ පටියට හේත්තු වී සිටින පිණිස, ළය වැස්මේ මුදු, නිල් පැහැති රැහැන් පටකින් ඒපොද් සැට්ටයේ මුදුවලට බඳින්න.
29“ආරොන් ශුද්ධස්ථානයට ඇතුළු වන හැම විටෙක, ස්වාමින්වහන්සේ ඉදිරිපිට නිබඳ සිහි කිරීමක් ලෙස ඉශ්‍රායෙල්ගේ පුත්‍රයන්ගේ නාම, තීන්දු දීමේ ළය වැස්ම මගින් තම හදවත පිට දරනු ඇත. 30තවද තීන්දු දීමේ ළය වැස්මේ ඌරීම් හා තුම්මීම්#28:30 ආලෝක සහ සම්පූර්ණකම් ප්‍රකාශ කරන පස ඇට හෙවත් දාදු විශේෂයකි. තබන්න. එවිට ආරොන් ස්වාමින්වහන්සේ අබිමුවට පිවිසෙන හැම විටෙක ඒවා ඔහුගේ හදවත පිට තිබෙනු ඇත. මෙසේ ආරොන් නිරතුරු ව ඉශ්‍රායෙල්වරුන් සඳහා තීන්දු දීමේ සංකේත, ස්වාමින්වහන්සේ ඉදිරියේ තම හදවත පිට දරනු ඇත.
සෙසු පූජක වස්ත්‍ර
31“ඒපොද් සැට්ටයේ ලෝගුව මුළුමනින් ම නිල් පැහැ රෙද්දෙන් පිළියෙල කරන්න. 32හිස දැමීමට එහි මැද, විවරයක් තිබිය යුතු ය. මෙම විවරයෙන් ලෝගුව නො ඉරෙන පිණිස, ඒ වටා කර පටියක් බඳු වියන ලද වාටියක් තිබිය යුතු ය. 33ලෝගුවේ පහළ වාටිය දිගේ නිල්, දම් හා තද රත් පැහැ නූලෙන් කළ දෙළුම් ද ඒවා අතරේ රනින් සෑදූ මිණි ගෙඩි ද වටේට ම තිබිය යුතු ය. 34ලෝගුව වටා පහළ වාටිය දිගේ මාරුවෙන් මාරුවට රන් මිණි ගෙඩියක් හා දෙළුම් ගෙඩියක් වෙයි. 35සේවා කටයුතුවලදී ආරොන් මෙම ලෝගුව ඇඟලිය යුතු ය. ඔහු ස්වාමින්වහන්සේ අබිමුවට ශුද්ධස්ථානයට ඇතුළු වන විට ද පිටතට එන විට ද ඔහු නො නසින ලෙස එම මිණි ගෙඩි හැඬවෙයි.
36“අමිශ්‍ර රනින් පදක්කමක් සාදා, රාජ මුද්‍රාවක සේ මෙසේ කැටයම් කරන්න:
ස්වාමින්වහන්සේට ශුද්ධ ය.
37එය තලප්පාවට සම්බන්ධ කරන පිණිස, නිල් පැහැ රැහැන් පටක් ඊට ගැට ගසන්න. එය තිබිය යුත්තේ, තලප්පාව මත ඉදිරිපසිනි. 38එය ආරොන්ගේ නළල මත පිහිටා තිබිය යුතු ය. මෙසේ ආරොන්, ඉශ්‍රායෙල් ජනයා කැප කොට පුදන ඔවුන්ගේ සියලු පුද පඬුරුවල දෝෂය දරන්නේ ය. ස්වාමින්වහන්සේ ඉදිරිපිට ඔවුන් පිළිගැනෙන පිණිස, එය නිබඳ ව ම ආරොන්ගේ නළල පිට වන්නේ ය.
39“කබාය, සිහින් හණ නූලෙන් වියන්න. තලප්පාව ද සිහින් හණවලින් සකසන්න. බඳ පටිය ගෙත්තම් ශිල්පීය නිමැවුමක් විය යුතු ය. 40ගෞරවයත්, අලංකාරයත් සඳහා ආරොන්ගේ පුත්‍රයින්ට ද කබා, බඳ පටි හා සිරස්-පටි සාදන්න. 41ඔබ මෙම ඇඳුම් ඔබේ සහෝදර ආරොන්ට ද ඔහුගේ පුත්‍රයින්ට ද හඳවා, ඉන්පසු ඔවුන් ආලේප කොට, පූජකවරයට පත් කරන්න. පූජකවරුන් වශයෙන් මට මෙහෙ කරන පිණිස ඔවුන් කැප කරන්න.
42“ඔවුන්ගේ නග්න භාවය වැසෙන පරිදි ඉඟ පටන් කලව දක්වා, හණ යට ඇඳුම් ඔවුන්ට පිළියෙල කර දෙන්න. 43ආරොන් ද ඔහුගේ පුත්‍රයින් ද හමුවීමේ කූඩාරමට ඇතුළු වන හැම විටෙක හා ශුද්ධස්ථානයේ තේවා කටයුතු සඳහා පූජාසනයට ළඟා වන හැම විටෙක දෝෂ දර්ශනයට ලක් වී නොමියෙන පිණිස, ඔවුන් ඒවා හැඳගත යුතු ය.
“මෙය ආරොන්ට ද ඔහුගෙන් පසු ඔහුගෙන් පැවත එන්නන්ට ද නිත්‍ය නියෝගයකි.
Currently Selected:
නික්මයාම 28: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: