නික්මයාම 18
18
යෙත්රෝ, මෝසෙස් වෙත පැමිණීම
1මෝසෙස් උදෙසාත්, ඔහුගේ ජනයා වූ ඉශ්රායෙල් උදෙසාත් දෙවියන්වහන්සේ කර තිබූ සියල්ල ගැන, ස්වාමින්වහන්සේ ඊජිප්තුවෙන් පිටතට ඉශ්රායෙල් ජනයා ගෙනැවිත් තිබූ අයුරු ගැන, මෝසෙස්ගේ මාමා වූ මිදියන්හි පූජක යෙත්රෝට අසන්නට ලැබිණ.
2මෝසෙස් තම බිරිඳ වූ සිප්පොරා පිටත් කර යැවූ පසු, ඔහුගේ මාමා වූ යෙත්රෝ ඇය පිළිගෙන තිබුණේ, 3ඇගේ පුතුන් දෙදෙනා ද සමඟිනි. එක් පුතකු ගේර්ෂොම් නම් විය. මන්ද, “පිට දේශයකදී මම ආගන්තුකයකු වීමි” යි මෝසෙස් කී බැවිනි. 4අනෙක් පුතු එලියේසර් නම් විය. මන්ද, “මගේ පියාගේ දෙවියන්වහන්සේ මගේ උපකාරය වූ සේක්, පාරාවෝගේ අසිපතින් මා මුදා ලූ සේකැ” යි ඔහු කී බැවිනි.
5මෝසෙස්ගේ මාමා වූ යෙත්රෝ, මෝසෙස්ගේ පුතුන් හා බිරිඳ ද කැටිව, දෙවියන්වහන්සේගේ කන්ද අසල පාළුකරයේ කඳවුරු බැඳි මෝසෙස් වෙත ආවේ ය. 6“මම, ඔබේ මාමා වූ යෙත්රෝ, ඔබේ බිරිඳ ද ඇය සමඟ ඇගේ පුතුන් දෙදෙනා ද කැටිව ඔබ වෙත එන්නෙමි” යි ඔහු මෝසෙස්ට දන්වා යැවී ය.
7එබැවින් මෝසෙස් තම මාමා හමු වන්නට පිටතට ගොස්, නැමී ආචාර කොට, ඔහු සිප ගත්තේ ය. එකිනෙකාගේ සුව දුක් විමසූ ඔවුහු කූඩාරමට ඇතුළු වූහ. 8මෝසෙස් තම මාමා අමතමින්, ඉශ්රායෙල් උදෙසා ස්වාමින්වහන්සේ පාරාවෝටත්, ඊජිප්තුවරුනටත් කළ හැම දෙයක් ම ගැන ද එන ගමනේදී තමන් මුහුණ පෑ සියලු අසීරුතා හා ස්වාමින්වහන්සේ ඔවුන් මිදූ අයුරු ගැන ද විස්තර කළේ ය.
9ඊජිප්තුවරුන් අතින් ඉශ්රායෙල් මුදා ගනිමින්, ඔවුන් උදෙසා ස්වාමින්වහන්සේ කර තිබූ සියලු යහ දෑ ගැන යෙත්රෝ ප්රමෝදවත් විය. 10එබැවින් යෙත්රෝ, “ඊජිප්තුවරුන් අතින් ද පාරාවෝ අතින් ද ඔබ මිදුවාවූත්, ඊජිප්තුවරුන් යටතින් ජනතාව මිදුවාවූත් ස්වාමින්වහන්සේට ප්රශංසා වේවා! 11සෙසු හැම දෙවිවරුන්ට වඩා ස්වාමින්වහන්සේ උත්තම බැව් දැන් මම දනිමි. ජනයාට අහංකාරකම් කළවුනට උන්වහන්සේ මෙසේ කළ සේකැ” යි පැවසී ය. 12ඉන්පසු, මෝසෙස්ගේ මාමා වූ යෙත්රෝ දෙවියන්වහන්සේට දවන යාග පූජාවක් හා වෙනත් පූජා ගෙනාවේ ය. දෙවියන්වහන්සේ ඉදිරියේ මෝසෙස්ගේ මාමා සමඟ රොටි අනුභවයට ආරොන් ඉශ්රායෙල් සියලු වැඩිහිටියන් සමඟ ආවේ ය.
13පසු දින මෝසෙස් ජනතාවට යුක්තිය පසිඳලනු පිණිස, විනිසුරු වශයෙන් අසුන් ගත්තේ ය. ජනයා උදය පටන් සවස දක්වා ඔහු වටා සිටගෙන වුන්හ. 14ජනයා උදෙසා මෝසෙස් කරන සියලු දෑ දුටු ඔහුගේ මාමා, “මොනවද මේ ජනයාට ඔබ කරන දේ! ජනතාව උදේ පටන් සවස් වන තෙක් ඔබ වටා සිටගෙන සිටියදී, ඔබ පමණක් හිඳ සිටින්නේ මන්දැ?” යි ඇසී ය.
15මෝසෙස් ඔහුට පිළිතුරු දෙමින්, “එසේ කරන්නේ, දෙවියන්වහන්සේගෙන් විමසන පිණිස ජනයා මා ළඟට එන නිසයි. 16ඔවුන් අතරේ ආරවුලක් ඇති වූ කල, එය මට ඉදිරිපත් කෙරේ. මම දෙපාර්ශ්වය අතර කරුණු විභාග කර, දෙවියන්වහන්සේගේ නියෝග හා උපදෙස් ඔවුන්ට දන්වන්නෙමි” යි පැවසී ය.
17මෝසෙස්ගේ මාමා පිළිතුරු දෙමින්, “ඔබ කරන දේ හරි නැත. 18එයින් ඔබත්, ඔබ හමුවට එන ජනයාත් වෙහෙසට පත් වෙනවා පමණි. මේ කාරිය ඔබට බර වැඩියි. එය තනි ඔබට කළ නො හැකියි. 19දැන් මට ඇහුම්කන් දෙන්න. මම ඔබට උපදෙසක් දෙන්නම්. දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක්වා. ඔබ, දෙවියන්වහන්සේ ඉදිරියේ ජනයාගේ නියෝජිතයා වී, ඔවුන්ගේ ආරවුල් උන්වහන්සේ වෙත ගෙන ආ යුතුයි. 20නියෝග හා උපදෙස් ඔවුන්ට උගන්වා, ඔවුන් ජීවත් විය යුතු අන්දම හා ඔවුන් කළ යුතු කාර්යයන් ඔවුන්ට පෙන්වා දෙන්න. 21එපමණක් නො ව, දේව භයින් යුක්ත, විශ්වාසවන්ත හා අයුතු වාසියට ද්වේෂ කරන සුදුසු මිනිසුන් මුළු ජනතාව අතරින් සොයා, ඔවුන් දහසකට අධිපතීන් ද සියයකට, පනහකට හා දහයකට අධිපතීන් ද කොට පත් කරන්න. 22ඔවුහු හැම කල්හි ජනතාවට විනිසුරුවන් වශයෙන් කටයුතු කරත්වා. එහෙත් බරපතළ සිද්ධීන් හැමකක් ම ඔබ වෙතට පමුණුවනු ලබත්වා. සුළු ගැටලු ඔවුන්ට ම විසඳිය හැකි ය. මෙසේ ඔවුන් ද ඔබ සමඟ මේ බරට උරදෙන බැවින් එය ඔබට පහසුවක් වනු ඇත. 23ඔබ එලෙස කරන්නේ නම්, දෙවියන්වහන්සේ ද එසේ අණ කරන සේක් නම්, ඔබට ද දැරිය හැකි වනු ඇත. මේ සියලු ජනයා ද සෑහීමෙන් යුතු ව යළි තම ගෙවලට යනු ඇතැ” යි කීවේ ය.
24මෝසෙස් තම මාමාට ඇහුම්කන් දී, ඔහු කී පරිදි ඒ හැම දෑ කළේ ය. 25මෝසෙස්, ඉශ්රායෙල් සියල්ලන් අතරින් සුදුස්සන් තෝරා, දහසකට අධිපතීන්, සියයකට, පනහකට හා දහයකට අධිපතීන් යන වශයෙන් ජනතාවගේ නායකයින් කොට පත් කළේ ය. 26ඔවුහු හැම කල්හි ජනතාවගේ විනිශ්චයකරුවන් වශයෙන් කටයුතු කළහ. අසීරු ගැටලු, මෝසෙස් වෙත ගෙන ආ ඔවුහු සුළු ආරවුල් තුමූම විසඳූහ.
27පසුව මෝසෙස් තම මාමාට සමු දුන්නෙන්, ඔහු සිය රට බලා ගියේ ය.
Currently Selected:
නික්මයාම 18: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: