YouVersion Logo
Search Icon

නික්මයාම 18:14-18

නික්මයාම 18:14-18 SCV

ජනයා උදෙසා මෝසෙස් කරන සියලු දෑ දුටු ඔහුගේ මාමා, “මොනවද මේ ජනයාට ඔබ කරන දේ! ජනතාව උදේ පටන් සවස් වන තෙක් ඔබ වටා සිටගෙන සිටියදී, ඔබ පමණක් හිඳ සිටින්නේ මන්දැ?” යි ඇසී ය. මෝසෙස් ඔහුට පිළිතුරු දෙමින්, “එසේ කරන්නේ, දෙවියන්වහන්සේගෙන් විමසන පිණිස ජනයා මා ළඟට එන නිසයි. ඔවුන් අතරේ ආරවුලක් ඇති වූ කල, එය මට ඉදිරිපත් කෙරේ. මම දෙපාර්ශ්වය අතර කරුණු විභාග කර, දෙවියන්වහන්සේගේ නියෝග හා උපදෙස් ඔවුන්ට දන්වන්නෙමි” යි පැවසී ය. මෝසෙස්ගේ මාමා පිළිතුරු දෙමින්, “ඔබ කරන දේ හරි නැත. එයින් ඔබත්, ඔබ හමුවට එන ජනයාත් වෙහෙසට පත් වෙනවා පමණි. මේ කාරිය ඔබට බර වැඩියි. එය තනි ඔබට කළ නො හැකියි.