YouVersion Logo
Search Icon

නික්මයාම 18:13-18

නික්මයාම 18:13-18 SCV

පසු දින මෝසෙස් ජනතාවට යුක්තිය පසිඳලනු පිණිස, විනිසුරු වශයෙන් අසුන් ගත්තේ ය. ජනයා උදය පටන් සවස දක්වා ඔහු වටා සිටගෙන වුන්හ. ජනයා උදෙසා මෝසෙස් කරන සියලු දෑ දුටු ඔහුගේ මාමා, “මොනවද මේ ජනයාට ඔබ කරන දේ! ජනතාව උදේ පටන් සවස් වන තෙක් ඔබ වටා සිටගෙන සිටියදී, ඔබ පමණක් හිඳ සිටින්නේ මන්දැ?” යි ඇසී ය. මෝසෙස් ඔහුට පිළිතුරු දෙමින්, “එසේ කරන්නේ, දෙවියන්වහන්සේගෙන් විමසන පිණිස ජනයා මා ළඟට එන නිසයි. ඔවුන් අතරේ ආරවුලක් ඇති වූ කල, එය මට ඉදිරිපත් කෙරේ. මම දෙපාර්ශ්වය අතර කරුණු විභාග කර, දෙවියන්වහන්සේගේ නියෝග හා උපදෙස් ඔවුන්ට දන්වන්නෙමි” යි පැවසී ය. මෝසෙස්ගේ මාමා පිළිතුරු දෙමින්, “ඔබ කරන දේ හරි නැත. එයින් ඔබත්, ඔබ හමුවට එන ජනයාත් වෙහෙසට පත් වෙනවා පමණි. මේ කාරිය ඔබට බර වැඩියි. එය තනි ඔබට කළ නො හැකියි.

Free Reading Plans and Devotionals related to නික්මයාම 18:13-18