YouVersion Logo
Search Icon

නික්මයාම 17:1-3

නික්මයාම 17:1-3 SCV

මුළු ඉශ්‍රායෙල් ජන සමූහයා සීන් කාන්තාරයෙන් පිටත් ව, ස්වාමින්වහන්සේගේ අණ පරිදි, තැනකින් තැනකට ගමන් ගත්හ. ඔවුහු රෙෆීදිම්හි කඳවුරු ගසා ගත් නමුදු, ජනතාවට බීමට ජලය එහි නො විණ. එබැවින් ඔවුහු මෝසෙස් සමඟ රණ්ඩු කරමින්, “අපට බොන්නට වතුර දෙනු” යි කීහ. මෝසෙස් පිළිතුරු දෙමින්, “නුඹලා මා සමඟ රණ්ඩු කරන්නේ මොකද? නුඹලා කුමක් නිසා ස්වාමින්වහන්සේ පරීක්ෂා කරනවා දැ?” යි කීවේ ය. එහෙත් දිය පිපාසිත වූ ජනතාව, මෝසෙස්ට එරෙහිව කොඳුරමින්, “අපත්, අපේ දරුවනුත්, අපේ සත්ව සම්පතත් පිපාසයෙන් මරා දමන්නට, නුඹ ඊජිප්තුවෙන් පිටතට අප ගෙන ආවේ කුමට දැ?” යි කීහ.

Free Reading Plans and Devotionals related to නික්මයාම 17:1-3