නික්මයාම 15:22-25
නික්මයාම 15:22-25 SCV
ඉන්පසු මෝසෙස් රතු මුහුදේ සිට ඉශ්රායෙල් ජනයාට මග පෙන්වී ය. මෙසේ ඔවුහු ෂූර් කාන්තාරයට පැමිණියහ. තුන් දවසක් කාන්තාරය ඔස්සේ ගමන් ගත් ඔවුනට ජලය හමු නො විණ. ඔවුන් මාරා වෙත ළඟා වූ කල, මාරාහි ජලය තිත්ත වූ නිසා, ඒවා ඔවුනට බීමට නො හැකි විය. එතැන මාරා යැයි අමතනු ලබන්නේ එබැවිනි. එනිසා ජනයා මෝසෙස්ට එරෙහිව මැසිවිලි නගමින්, “මොනවද අප බොන්නේ?” යි ඇසූහ. එබැවින් මෝසෙස් ස්වාමින්වහන්සේට මොර ගැසී ය. ස්වාමින්වහන්සේ ඔහුට ගහක් පෙන් වූ සේක. ඔහු එය දියට දැමී ය. එවිට ජලය මිහිරි විය. ස්වාමින්වහන්සේ එහිදී ඔවුන්ට නියෝගයක් ද පනතක් ද දුන් සේක. එහිදී උන්වහන්සේ ඔවුන් පරීක්ෂා කළ සේක.





