YouVersion Logo
Search Icon

නික්මයාම 11:4-8

නික්මයාම 11:4-8 SCV

මෝසෙස් කතා කරමින්, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘රැය මැදියමේ පමණ මම ඊජිප්තුව ඔස්සේ යන්නෙමි. ඊජිප්තුවේ හැම කුලුඳුලෙක් ම මියෙන්නේ ය. සිහසුනේ සිටින පාරාවෝගේ කුලුඳුලා පටන් ඇඹරුම් ගලේ වැඩ කරන දාසියගේ කුලුඳුලා දක්වා ද ගවයින්ගේ කුලුඳුල් සත්තු ද මියෙන්නෝ ය. ඊජිප්තු දේශය පුරා මහ විලාපයක්, මෙතෙක් කිසි කලෙක නො වූ විරූ, මතු කිසි කලෙක නො වන්නා වූ අන්දමේ විලාපයක් වන්නේ ය. එහෙත් ඉශ්‍රායෙල්වරුන් අතරෙහි, යම් මිනිසකුට හෝ යම් සතකුට හෝ එරෙහිව බල්ලකු පවා බුරන්නේ නැත.’ ස්වාමින්වහන්සේ ඊජිප්තුව හා ඉශ්‍රායෙල් අතර පැහැදිලි වෙනසක් කරන වග එවිට ඔබ දැනගනු ඇත. එකල ඔබගේ මේ සියලු නිලධාරීන් මා වෙත අවුත්, මා ඉදිරියේ වැඳ වැටෙමින්, ‘අනේ යන්න. ඔබත්, ඔබ පසු පස යන මුළු ජනතාවත් යන්නැ’ යි කියනු ඇත. ඉන්පසු මම පිටත් ව යන්නෙමි” යි පැවසී ය. ඉන්පසු මෝසෙස් උග්‍ර කෝපයෙන්, පාරාවෝ වෙතින් ඉවත් ව ගියේ ය.

Free Reading Plans and Devotionals related to නික්මයාම 11:4-8