නික්මයාම 10:13-14
නික්මයාම 10:13-14 SCV
එබැවින් මෝසෙස් ඊජිප්තු දේශය පිටට තම සැරයටිය දිගු කළේ ය. එවිට ස්වාමින්වහන්සේ ඒ දවස මුළුල්ලෙහිත්, රැය මුළුල්ලෙහිත් දේශය ඔස්සේ පෙරදිග සුළඟක් හමන්නට සැලසූ සේක. උදෑසන වන විට ඒ සුළඟින් පළඟැටි ගෙනැවිත් තිබිණි. උන් මුළු ඊජිප්තු දේශය ම ආක්‍රමණ කරමින්, දේශයේ හැම පෙදෙසක ම පැලපදියම් වූයේ ගණනින් අසංඛ්‍යව ය. ඒ සා පළඟැටි සේනා ඉන් පෙර කිසි කලෙක ඇති වූයේවත්, මතු ඇති වන්නේවත් නැත.





