එස්තර් 6:12-14
එස්තර් 6:12-14 SCV
ඉන්පසු මොර්දෙකයි රජ වාසල වෙත ආපසු ආවේ ය. එහෙත් හාමාන් ශෝකයෙන් මුහුණ වසාගෙන, වහ වහා ගෙදර ගියේ ය. ඔහු තම බිරිඳ, සෙරෙෂ්ට හා ඔහුගේ සියලු මිතුරන්ට තමාට සිදු වූ හදිය පැවසී ය. එවිට ඔහුගේ උපදේශකයෝ හා ඔහුගේ බිරිඳ සෙරෙෂ් කතා කරමින්, “ඔබගේ වැටීම ඇරඹුණේ මේ යුදෙව් ජාතික මොර්දෙකයි ඉදිරියෙනි; ඔහුට එරෙහිව නැගී සිටින්නට ඔබට නො හැකි ය; ඔබේ පරිහානිය නියත යැ!” යි පැවසූහ. ඔවුන් කතා කරමින් සිටියදී ම රජුගේ නපුංසක නිලධාරීහු එහි පැමිණ, එස්තර් විසින් පිළියෙල කොට තිබූ භෝජන සංග්‍රහයට වහා ඔහු කැඳවාගෙන ගියහ.





