YouVersion Logo
Search Icon

එස්තර් 5:2-4

එස්තර් 5:2-4 SCV

එස්තර් බිසව මළුවේ සිටගෙන සිටිනු දුටු රජු, ඈ කෙරේ ප්‍රසන්න ව තම අතේ වූ රන් සෙංකෝලය ඇය වෙත දිගු කළේ ය. එකල එස්තර් ළං වී, සෙංකෝල කෙළවර ස්පර්ශ කළා ය. එවිට රජු ඇය අමතමින්, “කිම ද එස්තර් බිසවුනි? කුමක් ද ඔබේ ඉල්ලීම? මගේ රාජ්‍යයෙන් හරි අඩක් වුවත්, එය ඔබට දෙනු ලැබේ යැ” යි පැවසී ය. එස්තර් පිළිතුරු දෙන්නී, “රජතුමා සතුටු වන්නේ නම්, රජතුමා වෙනුවෙන් මා පිළියෙල කර ඇති භෝජන සංග්‍රහයට රජතුමා හා හාමාන් අද පැමිණුන මැනවි” යි කීවා ය.