එස්තර් 5:1-2
එස්තර් 5:1-2 SCV
තුන් වන දවසේ, එස්තර් තම රාජකීය සළු පිළියෙන් සැරසී, රජුගේ නිවස්නය ඉදිරිපිට සිංහාසන කුටියේ ඇතුළු මළුවේ සිටගත්තා ය. මාලිග ශාලා-දොරටු පිවිසුම ඉදිරිපිට සිංහාසන කුටියේ රජු ඔහුගේ රාජකීය සිංහාසනයේ හිඳ සිටියේ ය. එස්තර් බිසව මළුවේ සිටගෙන සිටිනු දුටු රජු, ඈ කෙරේ ප්‍රසන්න ව තම අතේ වූ රන් සෙංකෝලය ඇය වෙත දිගු කළේ ය. එකල එස්තර් ළං වී, සෙංකෝල කෙළවර ස්පර්ශ කළා ය.





