YouVersion Logo
Search Icon

එස්තර් 3:1-6

එස්තර් 3:1-6 SCV

මේ සිද්ධීන්වලට පසු, අගාගීය හම්මෙදාතාගේ පුත් හාමාන්, තනතුරින් උසස් කළ අහෂ්වේරොෂ් රජු, ඔහු සමඟ සිටි අනෙක් සියලු අධිපතියනට වඩා ගරු කටයුතු අසුනක් දෙමින්, ඔහුට උපහාර දැක්වී ය. රජුගේ සියලු නිලධාරීන් රජ වාසලදී දණ නමා, හාමාන්ට ගෞරව දැක්වූහ. ඔහුට එසේ කළ යුතු යයි රජු නියෝග කර තිබිණි. එහෙත් මොර්දෙකයි ඔහුට දණ නැමුවේවත්, ප්‍රණාමය දැක්වූයේවත් නැත. එකල රජ වාසල රාජ්‍ය නිලධාරීහු, මොර්දෙකයි විමසමින්, “රජුගේ ආඥාව ඔබ කඩ කරන්නේ මන්දැ?” යි ඇසූහ. ඔවුහු දවසින් දවස මේ ගැන ඔහුට කී නමුදු, ඔවුනට සවන් දීම ඔහු ප්‍රතික්ෂේප කළේ ය. එබැවින් ඔවුන් ඒ වග හාමාන්ට පැවසුවේ, මොර්දෙකයිගේ වචන, හාමාන් ඉවසාදෝයි බලනු පිණිස ය. මන්ද තමා යුදෙව්වරයකු වග ඔහු ඔවුනට කියා තිබිණි. මොර්දෙකයි තමාට දණ නො නමන වග හා ගෞරව නො දක්වන වග දුටු හාමාන් ක්‍රෝධයෙන් ඇවිළිණි. එහෙත් මොර්දෙකයි යුදෙව්වරයකු වග ඔහුට දැනගන්නට ලැබුණෙන්, මොර්දෙකයි පමණක් මරා දැමීමේ අදහස සුළු කොට තැකූ හාමාන්, මොර්දෙකයිගේ මුළු ජනතාව ම, අහෂ්වේරොෂ් රාජධානිය මුළුල්ලේ වෙසෙන යුදෙව් ජාතිය ම විනාශ කිරීමේ මඟක් සෙවී ය.