YouVersion Logo
Search Icon

එස්තර් 10:1-3

එස්තර් 10:1-3 SCV

අහෂ්වේරොෂ් රජු දේශය මුළුල්ලේ හා මුහුදුබඩ දිවයින්හි අයබදු පැනවී ය. රජුගේ බලවත්, වික්‍රමවත් ක්‍රියා සියල්ල ද රජු විසින් උසස් කරන ලද මොර්දෙකයිගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ සම්පූර්ණ විස්තර ද මේදියාවේත්, පර්සියාවේත් රජවරුන්ගේ ඉතිහාස පොතෙහි ලියා තිබෙනවා නො වේ ද? යුදෙව්වර මොර්දෙකයි නිලයෙන් දෙවැනි වූයේ අහෂ්වේරොෂ් රජුට පමණි. යුදෙව්වරුන් අතර උත්තමයෙක් වූ ඔහු, ඔහුගේ බොහෝ සහෝදර යුදෙව්වරුන්ගෙන් ගරු සම්මානනීය සැලකුම් ලැබී ය. මන්ද තම ජනතාවගේ සුබ සෙත උදෙසා කටයුතු කළ ඔහු සියලු යුදෙව්වරුන්ගේ ශුභ සිද්ධිය ගැන කතා කළේ ය.