YouVersion Logo
Search Icon

එපීස 5:11-17

එපීස 5:11-17 SCV

අන්ධකාරයේ වඳ ක්‍රියා හා සම්බන්ධ නො වී, ඒවා එළිදරවු කරන්න. මන්ද ඔවුන් රහසේ කරන දෑ කීම පවා ලජ්ජා සහගත ය. එහෙත් ආලෝකයෙන් එළි කරන හැම දෙයක් ම පෙනෙන්නට වෙයි. මන්ද පෙනෙන්නට සලස්වන හැම දෙයක් ම ආලෝකයයි. මෙසේ කියා ඇත්තේ එබැවිනි: “එම්බා නිදාසිටින්නාණනි, අවදි වන්න. මළවුන්ගෙන් නැගිට සිටින්න. එවිට, ක්‍රිස්තුස්වහන්සේ ඔබ මත්තෙහි බබළනු ඇත.” එබැවින්, ඔබ ජීවත් වන අයුර ගැන වඩාත් සැලකිලිමත් වන්න. අනුවණ ලෙස නො ව, නුවණ ඇත්තන් සේ කටයුතු කරමින්, හැම අවස්ථාවකින් ම හැකි තරම් ප්‍රයෝජන ගන්න. මන්ද, මේ දවස් නපුරු ය. එනිසා අනුවණ නො වී, ස්වාමින්වහන්සේගේ කැමැත්ත කවරේදැයි වටහා ගන්න.

Verse Image for එපීස 5:11-17

එපීස 5:11-17 - අන්ධකාරයේ වඳ ක්‍රියා හා සම්බන්ධ නො වී, ඒවා එළිදරවු කරන්න. මන්ද ඔවුන් රහසේ කරන දෑ කීම පවා ලජ්ජා සහගත ය. එහෙත් ආලෝකයෙන් එළි කරන හැම දෙයක් ම පෙනෙන්නට වෙයි. මන්ද පෙනෙන්නට සලස්වන හැම දෙයක් ම ආලෝකයයි. මෙසේ කියා ඇත්තේ එබැවිනි:
“එම්බා නිදාසිටින්නාණනි, අවදි වන්න.
මළවුන්ගෙන් නැගිට සිටින්න.
එවිට, ක්‍රිස්තුස්වහන්සේ ඔබ මත්තෙහි බබළනු ඇත.”
එබැවින්, ඔබ ජීවත් වන අයුර ගැන වඩාත් සැලකිලිමත් වන්න. අනුවණ ලෙස නො ව, නුවණ ඇත්තන් සේ කටයුතු කරමින්, හැම අවස්ථාවකින් ම හැකි තරම් ප්‍රයෝජන ගන්න. මන්ද, මේ දවස් නපුරු ය. එනිසා අනුවණ නො වී, ස්වාමින්වහන්සේගේ කැමැත්ත කවරේදැයි වටහා ගන්න.