එපීස 3:19-21
එපීස 3:19-21 SCV
දැනුම ඉක්මවාලන ඒ ප්‍රේමය දැනගැනීමට දෙවියන්වහන්සේගේ සකල පරිපූර්ණත්වයේ මිනුමට ඔබ පූර්ණ කරන පිණිසත් ය. අප තුළ ක්‍රියා කරන ස්වකීය බලයට අනුව අප ඉල්ලන හෝ අප සිතන හෝ හැම දේට ම වඩා බොහෝ වැඩියෙන් ක්‍රියා කිරීමේ අපරිමේය හැකියාවක් ඇති දෙවියන්වහන්සේට, සභාව තුළත්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මගින් සියලු පරම්පරාවන්හි දීත් සදහට ම, සදාතනික ව තේජෝ මහිම වේවා. ආමෙන්!















