දේශනාකරු 9:13-18
දේශනාකරු 9:13-18 SCV
මසිතට තදින් කා-වැදුණු ප්‍රඥාවේ මෙම නිදර්ශනය ද හිරු යටදී මා දැක ඇත; සුළු ජනගහනයක් ඇති පුංචි නගරයක් තිබිණි; බලවත් රජෙක් ඊට විරුද්ධ ව අවුත්, එය වටලා, ඊට එරෙහි බිඳළුම් යන්ත්‍ර යෙදවී ය. ඒ පුංචි නගරයේ දුප්පත්, එහෙත් ප්‍රඥාවත් මනුෂ්‍යයෙක් විසී ය; තම ප්‍රඥාවෙන් ඔහු එම නගරය මුදා ගත්තේ ය. එහෙත් කිසිවකුත් ඒ දුප්පත් මිනිසා මතක් කළේ නැත. එබැවින් මම, “ශක්තියට වඩා ප්‍රඥාව හොඳ ය” යි කීවෙමි. එහෙත් දුප්පත් මිනිසාගේ ප්‍රඥාව සුළු කොට තැකිණ; ඔහුගේ වචනවලට සවන් දීමක් නො විණ. අඥානයින්ගේ පාලකයකුගේ බෙරිහන් දීමකට වඩා ප්‍රඥාවතුන්ගේ ශාන්ත වචනවලට වඩාත් සවන් දීම යුතු ය; යුද්ධ ආයුධවලට වඩා ප්‍රඥාව හොඳ ය; එහෙත් එක් පව්කරුවකු යහපත් දෑ බොහොමයක් වනසා දමයි.





