YouVersion Logo
Search Icon

දේශනාකරු 4:1-4

දේශනාකරු 4:1-4 SCV

නැවතත් මා බැලූ කල, හිරු යට සිදු කෙරෙන සියලු පීඩා දැක්කෙමි: පීඩිතයින්ගේ කඳුළු මම දැක්කෙමි; ඔවුන් සනසන්නට කිසිවකු නැත. බලය තිබුණේ පීඩකයින්ගේ පැත්තට ය; සනසන්නෙක් ඔවුනට නො වී ය. එබැවින් දැනට ම මිය ගොස් ඇති මළගිය ඇත්තන් තවමත් ජීවත් ව සිටින ජීවතුන්ට වඩා භාග්‍යවත් යයි මම ප්‍රකාශ කළෙමි. එහෙත් ඒ දෙගොල්ලට ම වඩා තවමත් නූපන් අයට හොඳ ය; හිරු යට කෙරෙන දුෂ්ටකම් ඒ අය දැක නැත. යම් කාරියක් සඳහා හැම පරිශ්‍රමයක් හා දක්ෂතාවක් පැන නැගෙන්නේ කෙනකුගේ අසල්වැසියාගේ ඊර්ෂ්‍යාව හේතු කොට බැව් මම දුටුවෙමි. මෙය ද නිරර්ථකයකි; සුළඟ අල්ලන්නට හඹා යෑමකි.

Free Reading Plans and Devotionals related to දේශනාකරු 4:1-4