දේශනාකරු 12
12
1ඔබේ යෞවන දවස්වලදී
ඔබේ මැවුම්කරුවාණන් සිහි කරන්න;
එසේ කළ යුතු, විපත්ති දවස් පැමිණෙන්නට කලිනි;
මන්ද, “මා ඒවාට ප්‍රිය නැතැ” යි
ඔබ පවසන අවුරුදු ළඟා වෙයි.
2හිරු ද ආලෝකය ද
සඳු හා තරු ද අන්ධකාර වන්නට කලිනි;
වැස්සට පසු වලාකුළු ආපසු එන්නට කලිනි.
3එකල නිවසේ මුරට සිටින්නෝ වෙවුලන්නෝ ය;
ශක්තිමත් පිරිමි නැමෙන්නෝ ය.
ඉතා ස්වල්ප දෙනකු පමණක් බැවින් අඹරන්නියෝ ඇඹරුම් නවතති.
කවුළු අතරින් බලන්නන්ට පැහැදිලි ව නො පෙනේ.
4එවිට වීදියේ දොරවල් වසනු ලබයි,
ඇඹරුම් හඬ අඩාල ව යයි,
කුරුලන්ගේ නාදයට මිනිසුන් අවදි වෙයි,
ඔවුන්ගේ සියලු ගීත නාද හීන වී යයි.
5මිනිසුන් ඉහළට හා
වීදියේ අනතුරුවලට බය වෙයි,
බාදම්#12:5 බාදම් එනම් ආමන්ඩ් ගසේ මල් හට ගනියි,
පළඟැටියා තනි ව ඇදී යයි,
තවදුරටත් ආශා පුබුදුවන්නේ නැත;
ඉන්පසු මිනිසා තම සදාතනික නිවසට යන්නේ ය;
වැලපෙන්නෝ වීදි ඔස්සේ යන්නෝ ය.
6එසේය, උන්වහන්සේ සිහි කරන්න රිදී රැහැන කැඩීයන්න පළමු,
රන් බඳුන බිඳී යන්න පළමු,
දිය පාර ළඟ කළය බිඳෙන්නට හා
ළිඳේ බොලොක්කය කැඩෙන්නට පළමු,
7දූවිල්ල එය පැමිණි ලෙස ආපසු පසට හැරී යන්නට පළමු,
ආත්මය එය දුන් දෙවියන්වහන්සේ වෙත ආපසු යන්නට පළමු, (උන්වහන්සේ සිහි කරන්න).
8“නිරර්ථක ය! නිරර්ථක ය!” යි දේශනාකරු පවසයි.
“හැම දෙයක් ම නිරර්ථක ය!”
කාරණයේ තීන්දුව
9දේශනාකරු ප්‍රඥාවත් පමණක් නො වේ; ඔහු ජනයාට අවබෝධය ලබා දුන්නේ ය. ඔහු මනා සැලකිල්ලෙන් සොයා බලා, බොහෝ උපදේශ සම්පාදන කළේ ය. 10ප්‍රිය වචන පරීක්ෂාකාරී ව සපයා ගත් දේශනාකරු ලියූ දෑ සෘජු ය; සත්‍යය ය.
11ප්‍රඥාවතුන්ගේ වචන කෙවිටි බඳු ය; ඔවුන් එක් රැස් කළ කියමන් තදවන්නට ගැසූ ඇණ වැන්න; ඒවා එක්තරා එඬේරාණන් කෙනකු විසින් දෙනු ලැබූ ඒවා ය. 12මගේ පුත්‍රය, මේවාටත් අමතරව ඇති දෑ ගැන දැනමුතුකම් ලබන්න;
බොහෝ පොත් තැනීමෙහි කෙළවරක් නොමැත. අධික අධ්‍යයනය ගතට වෙහෙසකාරී ය.
13දැන් සියල්ල අසා හමාර ය;
කාරණයේ තීන්දුව මෙයයි:
දෙවියන්වහන්සේට භය පක්ෂ වන්න; උන්වහන්සේගේ ආඥා රක්ෂා කරන්න;
මුළු මිනිස් සංහතියේ කාර්ය භාරය එයයි.
14මන්ද දෙවියන්වහන්සේ හොඳ හෝ නරක හෝ
රහසිගත දෑ හෝ යන
හැම ක්‍රියාවක් ම විනිශ්චයට ගෙනෙන සේක.
Currently Selected:
දේශනාකරු 12: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: