දේශනාකරු 11:7-10
දේශනාකරු 11:7-10 SCV
ආලෝකය මිහිරි ය; හිරු දැකීම ඇස්වලට ප්‍රසන්න ය. එබැවින් කෙනකු ජීවත් වන බොහෝ වූ අවුරුදුවල ඔහු ඒ මුළු කාලය ම ප්‍රීතියෙන් ගත කරත්වා; අන්ධකාරයේ දවස් ගැන ඔහු සිත් යොමු කරත්වා; මන්ද ඒවා ද බොහෝ වනු ඇත. පැමිණෙන හැම දෙයක් ම නිරර්ථක ය. එම්බා යෞවනය, ඔබේ යෞවනයෙහි ප්‍රීති වන්න; ඔබේ යෞවන දවස්හි දී ඔබේ හදවත ඔබට ප්‍රීතිය ගෙන දේවා. ඔබේ හදට රිසි මගෙහි, ඔබේ ඇසට ප්‍රිය පරිදි කටයුතු කරන්න; එහෙත් දෙවියන්වහන්සේ මේ සියල්ලෙහි දී ඔබ විනිශ්චයට ගෙනෙන වග මතක තබා ගන්න. එබැවින් කනස්සල්ල ඔබේ හදින් පලවා හැර, ඔබේ ගතේ කරදර ඉවත හෙළන්න; මන්ද යෞවනයත්, ශක්තියත් නිරර්ථක ය.





