ද්විතීය 4:29-31
ද්විතීය 4:29-31 SCV
එහෙත් එහිදී ඔබ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සොයා ගියහොත්, ඔබේ මුළු හදවතින් ද ඔබේ මුළු ජීවයෙන් ද සැබවින් ම උන්වහන්සේ සෙව්වහොත්, ඔබට උන්වහන්සේ සම්භ වනු ඇත. ඔබ විපතට පත් ව, ඒ හැම දේ ඔබට සිදු වූ පසු, කලක් ගත වී ඔබ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ආපසු අවුත්, උන්වහන්සේට කීකරු ව සිටිනු ඇත. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ දයාවෙන් පූර්ණ දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ ඔබ අත්හැර දමන්නේවත්, ඔබ විනාශ කර දමන්නේවත් නැත. උන්වහන්සේ ඔබේ ආදි පියවරුනට දිවුරා ශපථ කළ ගිවිසුම, අමතක කරන්නේ ද නැත.





