ද්විතීය 32:16-18
ද්විතීය 32:16-18 SCV
තම විදෙස් දෙවිවරුන් මගින් උන්වහන්සේ ඊර්ෂ්‍යාවට පත් කළ ඔවුහු තම දේව පිළිම පිළිකුල මගින් උන්වහන්සේ කෝප ගැන්වූහ. දෙවිඳුන් නො වන ඔවුන් නො දැන සිටි දෙවි දේවතාවුන්ට, මෑතකදී පෙනී සිටි දෙවිවරුන්ට, ඔබේ පියවරුන් බිය නො වූ දෙවිවරුන්ට, දෙවි නො වන යක්ෂාත්මයනට ඔවුහු යාග පිදූහ. ඔබ ජනිත කළ පර්වතයාණන් අතැර දැමූ ඔබ, ඔබ ඉපැදූ දෙවියන්වහන්සේ අමතක කළේ ය.





