YouVersion Logo
Search Icon

ද්විතීය 28:45-48

ද්විතීය 28:45-48 SCV

ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කටහඬට ඔබ කීකරු නො වූ බැවින්, උන්වහන්සේ ඔබට ආඥා කළ ආඥා හා නියෝග ඔබ පිළිපැද්දේ නැති බැවින්, මේ සියලු ශාප ඔබ මත පතිත වනු ඇත. ඒවා ඔබ ලුහුබැඳ අවුත්, ඔබ විනාශ වී යන තුරා, ඔබ අල්ලා සිටිනු ඇත. ඒවා ඔබටත්, ඔබෙන් පැවත එන්නන්ටත් සදාතනික ව ලකුණක් ද අරුමයක් ද වනු ඇත. මන්ද ඉසුරුමත් කාලයේදී සතුටින් හා ප්‍රීතියෙන් යුතු ව, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබ සේවය කළේ නැත. එහෙයින් ස්වාමින්වහන්සේ ඔබට එරෙහිව එවන ඔබේ සතුරනට කුස ගින්නෙන් හා පිපාසයෙන් ද නිරුවතින් හා අන්ත දුගී භාවයෙන් ද යුතු ව ඔබ සේවය කරනු ඇත. ඔබ විනාශ වී යන තෙක්, උන්වහන්සේ ඔබේ කර පිට යකඩ වියගහක් තබනු ඇත.

Free Reading Plans and Devotionals related to ද්විතීය 28:45-48