YouVersion Logo
Search Icon

ද්විතීය 15:9-10

ද්විතීය 15:9-10 SCV

“හත් වන වසර, ණය කපා හරින වසර ළඟ ය” යන නපුරු සිතිවිල්ල රඳවා නො ගන්නට පරෙස්සම් වන්න. එසේ සිතා ඔබේ සහෝදර දුගියාට කිසිවක් නො දී, ඔහුට නො සලකා සිටීමෙන් වළකින්න; නැතහොත් ඔහු ස්වාමින්වහන්සේ වෙත ඔබට එරෙහිව කන්නලව් කරනු ඇත. එවිට ඒ පවට ඔබ වරදකරු වනු ඇත. ඔහුට දිය යුත්තේ නො කැමැත්තෙන් තොර ව, ත්‍යාගශීලී ව ය. ඒ හේතුවෙන් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ සියලු කටයුතුවලට හා ඔබ අත ගසන හැම දේකට ආශිර්වාද කරන සේක.