YouVersion Logo
Search Icon

ද්විතීය 10:17-21

ද්විතීය 10:17-21 SCV

මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ දෙවියන්ගේ දෙවිඳාණෝ ය; ස්වාමින්ගේ ස්වාමියාණෝ ය. උන්වහන්සේ, තරාතිරම් නො බලන, අල්ලස් නො ගන්න බලසම්පන්න වූත්, බියජනක වූත් උත්තම දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ පියා අහිමි දරුවන්ටත්, වැන්දඹු කාන්තාවනටත් යුක්තිය ඉටු කරන සේක. ආහාර පාන හා ඇඳුම් දීමෙන්, ඔබ අතර වසන විදෙස්සනට ප්‍රේම කරන සේක. එබැවින් ඔබත්, ඊජිප්තුවේ විදෙස්සන් ව සිටි බැවින්, විදෙස්සනට ප්‍රේම කළ යුතු ය. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ව, සේවය කරන්න. උන්වහන්සේට ඇලුම් ව සිටින්න; ඔබේ දිවුරුම් උන්වහන්සේගේ නාමයෙන් දෙන්න. ඔබ ප්‍රශංසා කළ යුතු උන්වහන්සේ ය; ඔබේ දෙවියන්වහන්සේ උන්වහන්සේ ය. ඔබේ ම ඇස්වලින් ඔබ දුටු ඒ භය ජනක මහා ආශ්චර්යයන් ඔබ උදෙසා ඉටු කළේ උන්වහන්සේ ය.

Free Reading Plans and Devotionals related to ද්විතීය 10:17-21