YouVersion Logo
Search Icon

දානියෙල් 5:22-28

දානියෙල් 5:22-28 SCV

“එහෙත් එම්බා බේල්ෂසර්, ඔහුගේ පුත්‍රයා වන ඔබ මේ සියල්ල දැන සිටි නමුත්, ඔබේ සිත යටත් කර ගත්තේ නැහැ. ඒ වෙනුවට ඔබ, ස්වර්ගයේ ස්වාමින්වහන්සේට එරෙහිව ඔබ ම උසස් කර ගත්තා. උන්වහන්සේගේ දේව මාලිග භාජන ඔබ වෙත ගෙන්වා ගත්තා. ඔබත්, ඔබේ වංශවතුන්, ඔබේ බිසෝවරුන් හා ඔබේ අතිරේක භාර්යාවන් ඒවායින් මිදි යුෂ බීවා; දකින්නට, අසන්නට හෝ වටහා ගන්නට හෝ බැරි, රිදී, රන්, ලෝකඩ, යකඩ, ලී හා ගල් දෙවිවරුනට ඔබ ප්‍රශංසා කළා. එහෙත් ඔබේ ජීවිතයත්, ඔබේ සියලු මාර්ගත්, තම හස්තයෙහි දරා සිටින දෙවියන්වහන්සේට ඔබ ගෞරව දැක්වූයේ නැහැ. මෙම සටහන ලියූ අත උන්වහන්සේ එවා ඇත්තේ එබැවිනි. “එහි ලියා ඇති සටහන මෙයයි: මෙනේ, මෙනේ, තෙකේල් උපාර්සීන්. “ඒ වචනවල තේරුම මෙයයි: “මෙනේ: දෙවියන්වහන්සේ ඔබේ රාජ්‍ය කාලය ගණන් කොට, එය කෙළවර කර ඇත. “තෙකේල්: තරාදියේ ලා ඔබ කිරනු ලැබ, ඔබේ අඩු බව පෙනී ගොස් ඇත. “පෙරෙස්: ඔබේ රාජ්‍යය බෙදනු ලැබ, මේදියානුවන්ට හා පර්සියානුවන්ට දී තිබේ.”