YouVersion Logo
Search Icon

දානියෙල් 4:1-4

දානියෙල් 4:1-4 SCV

නෙබුකද්නෙසර් රජු වෙතින්, සියලු ජනයින් ද ජාතීන් ද භාෂාවන් ද යන මුළු පොළොවේ ම වෙසෙන්නන් වෙතයි; වඩ වඩා ඔබට සෙත් වේවා! මහෝත්තම දෙවියන්වහන්සේ මා උදෙසා සිදු කළ අනුහස් ලකුණු හා පුදුම පිළිබඳව ඔබට පැවසීම සතුටකි. උන්වහන්සේගේ ලකුණු, කෙතරම් උතුම් ද! උන්වහන්සේගේ හාස්කම් කෙතරම් බලවත් ද! උන්වහන්සේගේ රාජ්‍යය සදාතනික රාජ්‍යයකි. උන්වහන්සේගේ ආධිපත්‍යය, පරපුරින් පරපුරට පවතී. නෙබුකද්නෙසර් වන මම, මගේ මාලිගයේ සැනසී, සඵලවත් ව සිටියෙමි.