දානියෙල් 3:26-29
දානියෙල් 3:26-29 SCV
එවිට නෙබුකද්නෙසර් ඇවිළෙන උදුනෙහි පිවිසුම අසලට ළං වී, මොර ගසා, “ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ! මහෝත්තම දෙවියන්වහන්සේගේ සේවකයිනි, පිටතට එන්න! මෙහි එන්නැ” යි කියා පෑ ය. එවිට ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ ගින්නෙන් පිටතට ආහ. දේශාධිපතීහු, ප්‍රදේශාධිපතීහු, ආණ්ඩුකරුවෝ හා රාජකීය උපදේශකයෝ ද ඔවුන් වටකර ගත්හ. ඒ තිදෙනාගේ සිරුරුවලට ගින්න කිසි උපද්‍රවයක් කර නැති වග, ඔවුන්ගේ හිස කෙසකුදු දැවී නැති වග ඔවුහු දුටුවහ. ඔවුන්ගේ සළුවලට ගින්න වැදී තිබුණේ නැත. ඔවුන් ළඟ ගිනි ගඳ තිබුණේ ද නැත. එවිට නෙබුකද්නෙසර්, “ෂද්‍රක්ගේ, මේෂක්ගේ හා අබේද්-නෙගෝගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා! ස්වකීය දූතයා එවා, උන්වහන්සේ තම සේවකයින් මුදා ගත් සේක. ඔවුහු උන්වහන්සේ පිට විශ්වාසය තැබුවෝ, රජුගේ අණට පිටුපාමින්, තමන්ගේ දෙවියන්වහන්සේට මිස, අන් දෙවියකුට සේවය කරනවාටත්, නමස්කාර කරනවාටත් වඩා තම ජීවිතය දෙන්නට කැමති වූහ. එබැවින් ෂද්‍රක්ගේ ද මේෂක්ගේ ද අබේද්-නෙගෝගේ ද දෙවියන්වහන්සේට එරෙහිව කතා කරන කවර ජනතාවකට, කවර ජාතියකට, කවර භාෂාවකට අයත් කවරකු වුව ද, අවයවයෙන් අවයවය කපා දමනු ලබන බවටත්, ඔවුන්ගේ නිවෙස් සුන්බුන් ගොඩවල් කර දමනු ලබන බවටත් මම නියෝග කරමි. මන්ද මේ අයුරින් ගලවන්නට සමත් අන් දෙවි කෙනකු නැතැ” යි කීවේ ය.

![[From Heaven to the Hay in the Heart] Part 1 දානියෙල් 3:26-29 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F29090%2F1440x810.jpg&w=3840&q=75)



