YouVersion Logo
Search Icon

දානියෙල් 2:8-11

දානියෙල් 2:8-11 SCV

රජු උත්තර දෙමින්, “නුඹලා කල් ගැනීමට උත්සාහ දරන බැව් නිසැකයෙන් ම මම දනිමි. මන්ද මගේ වචනය ස්ථිර වග නුඹලාට පෙනේ. නුඹලා මට සිහිනය නො කීවොත් නුඹලාට ඇත්තේ එක ම නියමයක් පමණි. තත්වය වෙනස් වෙතැයි බලාපොරොත්තුව මා ඉදිරියේ බොරු කතා හා රැවටිලිකාර වචන කියන්නට නුඹලා එකඟ වෙලා. එබැවින් මට සිහිනය කියනු; එවිට එහි අර්ථය දැක්වීමට නුඹලා සමත් වග මට දැනගත හැකි” යි කීවේ ය. කල්දිවරු රජුට පිළිතුරු දෙමින්, “රජතුමාගේ අභියෝගය භාරගැනීමට සමත් කිසිවකු මේ දියත නැත. කෙතරම් ශ්‍රේෂ්ඨ, කෙතරම් ප්‍රබල වූවත්, කිසි රජකු ඉන්ද්‍රජාලිකයින්ගෙන්වත්, මන්ත්‍රකරුවන්ගෙන්වත්, කල්දිවරුන්ගෙන්වත් මෙබඳු දෙයක් කිසි කලෙක අසා නැත. රජතුමා අසන දේ ඉතා අසීරු ය. දෙවිවරුන්ට මිස, රජතුමාට එය එළිදරවු කිරීමට කිසිවකුටත් නුපුළුවන. දෙවිවරු මිනිසුන් අතර නො වෙසෙති” යි කීහ.

Free Reading Plans and Devotionals related to දානියෙල් 2:8-11