දානියෙල් 2:1-3
දානියෙල් 2:1-3 SCV
නෙබුකද්නෙසර්ගේ රාජ්‍ය සමයේ, දෙවන වසරේ නෙබුකද්නෙසර් සිහින දුටුවේ ය. ඔහුගේ සිත කැලඹිණි. ඔහුගේ නින්ද ඔහු හැර ගියේ ය. එබැවින් රජු, තමා දුටු සිහින කවරේදැයි තමාට කියා දෙන පිණිස, ඉන්ද්‍රජාලිකයින් ද මන්ත්‍රකරුවන් ද අනවිනකරුවන් හා කල්දිවරුන් ද කැඳවීමට නියෝග කළේ ය. එබැවින් ඔවුන් අවුත්, රජු අබියස සිටගත් කල, රජ ඔවුන් අමතමින්, “මට සිහිනයක් පෙනුණා. ඒ සිහිනය දැනගැනීමට මගේ ආත්මය කැලඹිලා” යි කීවේ ය.





